Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 2
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»IPL තරඟාවලියේ වැඩිම වැටුප් ලබන විස්තර විචාරකයා සුනිල් ගවස්කාර්
Sports

IPL තරඟාවලියේ වැඩිම වැටුප් ලබන විස්තර විචාරකයා සුනිල් ගවස්කාර්

kumudikaBy kumudikaMay 27, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

IPL තරගාවලියේ වැඩිම වැටුප් ලබන විස්තර විචාරකයන් 10 දෙනා අතර සුනිල් ගවස්කාර් ඉදිරි‍‍යෙන්ම සිටියි. විශේෂඥ විශ්ලේෂණයන් සහ ආකර්ෂණීය ඉංග්‍රීසි විස්තර විචාරය වෙනුවෙන් ගවස්කාර්ට ඉන්දීය රුපියල් කෝටි 4.17ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 14.6ක්) මෙවර IPL තරග වාරයේදී හිමි වේ.

75 හැවිරිදි සුනිල් ගවස්කාර් 1971 වසරේ සිට 1987 දක්වා වසර 16ක කාලයක් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 125කට, එක්දින තරග 108කට හා පළමු පෙළ තරග 348කට සහභාගිවී සිටින අත්දැකීම් බහුලම පුද්ගලයා වන අතර, ඔහුගේ භාෂා හැසිරවීමද සිත් ඇදගන්නා සුලු වේ.

ක්‍රීඩකයන් IPL තුළින් රුපියල් කෝටි ගණනක් උපයන විට විස්තර විචාරකයෝ ඔවුන්ගේ හඬ සහ විශේෂඥතාව උපයෝගි කොට සැලකිය යුතු මුදලක් උපයති.

අනෙකුත් ඉහළ වැටුප් ලබන ඉංග්‍රීසි විචාරකයන් අතර ඔස්ට්‍රේලියාවේ මැතිව් හේඩන්, එංගලන්තයේ කෙවින් පීටර්සන් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ඉයන් බිෂොප් ද වෙති. ඔවුන් එක් IPL තරග වාරයකදී ඉන්දීය රුපියල් කෝටි 4.15ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 14.5ක්) උපයති. හර්ෂ බෝග්ලේ වාරයකට රුපියල් කෝටි 4ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 14ක්) උපයන අතර රවි ශාස්ත්‍රි ද වාරයකදී ඒ හා සමාන මුදලක් අය කරනු ලබයි.

හින්දි විස්තර විචාරක මණ්ඩලයේ සිටින, ආකාෂ් චොප්රා එක් IPL තරග වාරයකට රුපියල් කෝටි 2.92ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10.25ක්) උපයයි. සංජේ මන්ජ්‍රේකර් වාරයකට රුපියල් කෝටි 2.80ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9.83ක්), සුරේෂ් රයිනා වාරයකට රුපියල් කෝටි 2.5ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8.78ක්) හා හර්බජන් සිං වාරයකට රුපියල් කෝටි 1.5ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.27ක්) අය කරනු ලබති.

සුනිල් ගවස්කාර් අනිල් කුම්බ්ලේ සහ රවී ශාස්ත්‍රි වැනි පළපුරුදු ප්‍රවීණයන්ගේ ගැඹුරු ක්‍රිකට් දැනුම, ආකර්ෂණීය සහ විනෝදාත්මක කතා විලාසය IPL තරගාවලියේ හදවත සේ සලකනු ලබයි.

Asia Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2025 වසරේ ගත වූ මාස 4 ඇතුලත ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 5.5  දක්වා ඉහලට
Next Article ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැනඩා රජයේ විශේෂ අවධානය
kumudika

Related Posts

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025

ඩුබායි හි ජුනි මාසයේදී විශේෂ උත්සව පෙළක්

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.