Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 2
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැනඩා රජයේ විශේෂ අවධානය
Sri Lankan news

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැනඩා රජයේ විශේෂ අවධානය

kumudikaBy kumudikaMay 27, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම පිළිබඳ කැනඩා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවත්, අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එයට සහය වීම අරමුණු කරගනිමින් ලක් රජය සමඟ ගිවිසුම් ඇති කර ගැනීමට අවධානය යොමු කර ඇති බවත් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීයි. කැනඩාවේ කියුබෙක් ප්‍රාන්තයෙහි ප්‍රධාන ලෙස භාවිත වන්නේ ප්‍රංශ භාෂාව වුවත් සේවාවන් ලබා ගැනීමේදී සේවා ලාභීන් සඳහා ඉංග්‍රීසි භාෂාව භාවිත කළ හැකි පරිදි එරට සේවා සැපයීම් ක්‍රියාත්මක වේ. බහු භාෂා භාවිත කරන පුරවැසියන්ගෙන් යුතු ශ්‍රී ලංකාවේද, විශේෂයෙන් රාජ්‍ය සේවා සැපයීමේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේ අවධානයට ලක්විය.

එහි දී, රාජ්‍ය සේවා සහ පළාත් රාජ්‍ය සේවා සැපයීමේ දී සේවා ලාභීන්ට, තමන්ට පහසු භාෂාවකින් සේවා ලබා ගැනීමට අවශ්‍ය මූලික අදියරේ පියවර මේ වන විට සිදු වෙමින් පවතින බවත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව යමින් එම ක්‍රියාවලීන් තවදුරටත් පහසු සහ පුළුල් ක්‍රියාවලින් බවට පත්කිරීම සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවත් අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මහතා සඳහන් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ විශේෂ මැදිහත් වීමක් පවතින බවයි. ඒ අනුව ඉතා නුදුරේ දීම භාෂා භාවිත ගැටළු වලින් තොර විධිමත්, කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සැපයීම සිදු කරන බව ද ගරු අමාත්‍යතුමන් මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා වෙත පැසුවේය. තවද, රාජ්‍ය සේවා ඩිජිටල් කරණය කිරීමේ ව්‍යාපෘති මඟින් ද රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් මැතිවරණ ක්‍රමයක් ගොඩනැගීම කෙරෙහිද මෙම අවස්ථාවේදී සාකච්ඡාවට ලක් විය. පැවති සියලු මැතිවරණ ප්‍රචණ්ඩත්වය තොරව පැවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම වෙනුවෙන් කැනේඩියානු රජයේ ප්‍රශංසාව එක් කරන බව මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

පළාත් සභා ආයතන බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳ අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා, මහ කොමසාරිස්තුමන්ගේ අවධානයට ලක්කළේය. අමාත්‍යතුමන් පෙන්වා දුන්නේ එය රටෙහි පාලන තන්ත්‍රය විධිමත් කිරීමට මෙන්ම සංවර්ධන ක්‍රියාවලියේ දී ද මහත් රුකුලක් වන බවයි.

එසේම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ දී මෙන් ම ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිරණ ක්‍රමයක් ගොඩනැගීමෙහි ප්‍රගතියෙහි ලා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දක්වන සාධනීය මැදිහත් වීම, මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතාගේ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා සහ දෙපාර්ශවය නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleIPL තරඟාවලියේ වැඩිම වැටුප් ලබන විස්තර විචාරකයා සුනිල් ගවස්කාර්
Next Article ඩුබායි හි ටිකට්පත් රහිත වාහන නැවැත්වීමේ ස්මාර්ට් පහසුකම ඇරඹෙයි
kumudika

Related Posts

රුපියල් මිලියන 167 ක් උපයන්න මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අර

June 2, 2025

කොවිඩ් ව්‍යාප්තිය ගැන සොයන්න කඩිනම් චක්‍රලේඛ දෙකක්

June 2, 2025

Emirates සහ Al Ain පාපන්දු සමාජ අතර 2025 FIFA වෙනුවෙන් හවුල්කාරිත්වයක්

June 2, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.