ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම වෙනුවෙන් චීන ව්‍යාපාරිකයෙන් පිරිසක් දිවයිනට පැමිණි අතර එම පිරිස සහ කර්මාන්ත අමාත්‍යංශය අතර සාකච්ඡාවක් ඊයෙ (28) දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා ගැන අප විසින් ඔවුන්ට පැහැදිලි කළ අතර ඔවුන් විසින් මේවාට අමතරව AI, Robotics සහ විදුලි භාණ්ඩ ඇතුළු ඔවුන්ට ආයෝජනය කළ හැකි වෙනත් කර්මාන්ත පිළිබඳව ඔවුන් දැනුවත් කලේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ නව රජය ආයෝජකයන් වෙනුවෙන් කුලී පදනම මත ඉඩම් සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් ආයෝජකයන් වෙත ලබා දෙන බවත්, ලංකාවේ පවතින භූගෝලීය පිහිටීම කර්මාන්තකරුවන් වෙත විශේෂ වාසියක් සලසා දෙන බවත්, ඔවුන් ලංකාවේ සිටින සති දෙකක කාලය අවසානයේ සැලසුම් කරන ආයෝජන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය ලබාදෙන බවටද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ නිළධාරින්, අමාත්‍යංශයය අනුබද්ධ ආයතන වල සභාපතිවරුන්ද පෞද්ගලික අංශය නියෝජනනය කරමින් ව්‍යාපාරික නියෝජිතයන් සහභාගී වූ අතර,
චීනය වෙනුවෙන් China Chamber of Commerce for Import and Export of Machinery and Electronic Products (CCCME)හි උප සභාපති liu chun මහත්මිය, China International Chamber of Commerce for the Private Sector (CICCPS)හි උප සභාපති Nan yi මහතා ඇතුළු ව්‍යාපාරිකයන් රැසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

Share.

Comments are closed.

Exit mobile version