දුම්රිය රියදුරු සේවය සඳහා පුද්ගලයින් 200 දෙනකු බඳවා ගැනී­මට සැල­සුම් කර තිබෙන බවත් ඒ සඳහා මේ වන­විට අය­දුම් පත් 600ක් පමණ ලැබී තිබෙන බවත් ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා පව­සයි.

විභාග දෙපා­ර්ත­මේ­න්තුව මගින් විභා­ග­යක් පවත්වා දුම්රිය රිය­දුරු සේවය සඳහා බඳවා ගැනීම් කරන බවත් අන­තු­රුව ඔවුන්ට සේවා පුහු­ණු­වක් ලබා­දෙන බවත් ඒ මහතා කීය.

මහ­නු­වර සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා ඊයේ (28) මේ බව සඳ­හන් කළේය.

එහි දී අමා­ත්‍ය­ව­රයා මෙසේද පැව­සු­වේය.

“දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ උද්ග­තව තිබෙන ගැට­ලු­ව­ලට ප්‍රධා­න­තම හේතුව පරි­පා­ල­නයේ පව­තින අකාර්ය­ක්ෂ­ම­තා­ව. තව දුර­ටත් පරි­පා­ල­නය මේ ආකා­ර­යෙන්ම කට­යුතු කර­ගෙන යන්නේ නම් ඔවුන් වෙනස් කිරී­මට සිදු වෙනවා.

හැම­දාම පැලැ­ස්තර අල­ව­මින් දුම්රිය සේවය ගොඩ­ගන්න බැහැ.මේ ගැටලු විස­ඳීමේ ක්‍රියා­ව­ලිය කොතනින් හෝ පටන් ගත යුතුයි. එහෙම නැත්නම් මේක ඉව­ර­යක් වෙන්නෙ නැහැ.

ගැටලු විස­ඳන දින වක­වානු මම දීලා තියෙ­නවා. පරිපා­ල­නය විසින් ඒ කට­යුතු දැන් ක්‍රියා­ත්මක කරමින් පව­ති­නවා. මේ වෘත්ති­ක­යන් අතර සිටින සියලු දෙනාම කඩා­ක­ප්ප­ල්කා­රයෝ නෙවෙයි. කඩාක­ප්ප­ල්කා­රයෝ සුළු පිරි­සක් ඉන්නවා. ඒ අය හැසි­රෙන ආකා­ර­යට තමයි අනිත් අය­වත් ජන­තාව ගණන් ගන්නේ. මේ කඩා­ක­ප්ප­ල්කා­ර­යන් පිරි­සගේ වැඩ හින්දා අනිත් අයත් අප­හ­සු­තා­වට පත්වෙ­නවා. දුම්රිය සේවයේ වෘත්ති­කයෝ බහු­ත­ර­යක් මේ සේවයේ අභි­මා­නය ඉහ­ළට ගන්න කැප­වී­මෙන් කට­යුතු කර­නවා.

ඇතැම් විට මේ අය තමන්ගේ අයි­ති­වා­සි­කම් ඉටු­ක­ර­ගන්න වෘත්තීය ක්‍රියා­මා­ර්ග­ව­ලට යනවා. එත­නදි තමයි මේ අය අපි එක්ක වගේම ජන­තාව එක්ක  ගැටෙන්නේ. දුම්රිය පරි­පා­ල­නයේ අකා­ර්ය­ක්ෂ­ම­තාව නිසා තමයි මේ වගේ ගැටලු උද්ගත වෙලා තියෙන්නේ. පරි­පා­ල­නයේ සෑම අංශ­යක්ම දුර්ව­ලයි අකා­ර්ය­ක්ෂ­මයි. නිසි කළ­ම­නා­ක­ර­ණ­යක් නැහැ. දුම්රිය රිය­දු­රන්ට එක­පා­ර­ටම රස්සා­වෙන් අස් වෙන්න බැහැ. ඒ පිරිස යම්කිසි රාජ්‍ය­සේවා ප්‍රතිපත්ති­ය­කට අනුව තමයි රැකි­යා­වට බැඳිලා තියෙන්නේ.

නමුත් පරි­පා­ල­නයේ දුර්ව­ලතා තියෙ­නවා නම් ඒ අය ඉවත් කරන්න අපිට පුළු­වන්. මේ විදි­යට දිග­ටම ගියොත් අනි­වා­ර්ය­යෙන්ම දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­පා­ල­නය අපි ඉවත් කර­නවා. ඒ මොකද මේ රටේ ජන­තාව පොදු ප්‍රවා­හන සේවයේ ගැටලු නිසා හොඳ­ටම තැලිලා ඉන්නේ. උදේට කෝච්චියේ වැඩට එන කෙනාට හව­සට ගෙදර යන්න කෝච්චි නැහැ. අපි කොහො­ම­හරි මේක ගොඩ දාන්න ඕනේ. ජන­තාව විවිධ යෝජනා ගේනවා.

ත්‍රිවිධ හමු­දාවේ අය දුම්රිය රිය­දු­රන් ලෙස පුහුණු කරන්න කියලා අපෙන් ඉල්ල­නවා. ඒ තීර­ණ­ව­ලට යන්න කලින් සාකච්ඡා මගින් මේ ගැටලු විස­ඳ­ගන්න අපි උත්සහ කර­නවා.”

Share.

Comments are closed.

Exit mobile version