Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රජයේ විනිවිදභාවය නිසා චීන ආයෝජන කරන්න සූදානම් – චීන වාණිජ කටයුතු ඇමති, ජනපතිට කියයි

May 30, 2025

එමීර් රාජ්‍යය ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවන ඩ්‍රෝන යානය – ‘Suhail’ එළිදක්වයි

May 30, 2025

ලංකාවටම සැඩ සුළං – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

May 30, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 30
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදි කිරීම් නවතයි
Sri Lankan news

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදි කිරීම් නවතයි

kumudikaBy kumudikaMay 29, 2025Updated:May 29, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ඉදිකිරීමේ වත්මන් ව්‍යාපෘතිය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය සලකා බලමින් සිටින අතර ඒ සඳහා අදාළ ව්‍යාපෘති සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට අධික වන්දියක් ගෙවීමට සිදුවන බව සඳහන් ය.

ඒ අනුව, නව කොන්දේසි යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 989 ක ණය ගිවිසුමක් අත්සන් කර ඇත. එය මෙම කොන්ත්‍රාත් මිලෙන් සියයට 85ක් ආවරණය වන බව ද වාර්තා වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ (කඩවතමිරිගම කොටස) ව්‍යාපෘතියට පළමුවෙන් අත්සන් තැබීම සිදු වූයේ 2015 වසරේදීය.

අද වන විට ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. ව්‍යාපෘතිය සඳහා පළමු ගිවිසුම 2015 දී ද, දෙවැන්න 2016 දී ද අත්සන් කරන ලද නමුත්, පසුගිය වසර දහයක කාලයේ පැවැති රජයට ව්‍යාපෘතිය සම්පූර්ණ කරගැනීමට නොහැකි විය.

ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබඳව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ. නව ගිවිසුමක් ඇති කරගැනීමේ අරමුණින් පවතින ගිවිසුම අවසන් කරන්නේ නම්, අදාළ ව්‍යාපෘති සමාගමට වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල ගණනය කිරීමේ ක්‍රියාවලිය බලධාරින් මේ වන විට සිදු කරමින් සිටින බවය.

වර්තමාන ව්‍යාපෘතිය අවසන් කර, නව ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීම වත්මන් රජයට වඩා හොඳ විකල්පයක් යැයි කියන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපට ව්‍යාපෘති සමාගමට වන්දි ගෙවීමට සිදු වෙනවා.” යැයි මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වන්දි ලෙස ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ඉක්මවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම කුරුණෑගල කොටස නිම කර ඇති අතර, එය දැනට භාවිතයට ගැනීම ද සිදු වෙයි. කුරුණෑගල -මහනුවර සමඟ සම්බන්ධ කරන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 2024 සඳහා ACI ගුවන් සම්බන්ධතා ශ්‍රේණිගත කිරීම්වල මුල් තැනට
Next Article ගාලු කොටුව හමුදා කඳවුර ඉවත් කිරීමට සැරසෙයි – ආයෝජනයට ඉඩ
kumudika

Related Posts

රජයේ විනිවිදභාවය නිසා චීන ආයෝජන කරන්න සූදානම් – චීන වාණිජ කටයුතු ඇමති, ජනපතිට කියයි

May 30, 2025

එමීර් රාජ්‍යය ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවන ඩ්‍රෝන යානය – ‘Suhail’ එළිදක්වයි

May 30, 2025

ලංකාවටම සැඩ සුළං – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

May 30, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.