Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Fitness Challenge නව සන්නාමයක් එළිදක්වමින් 2025 සඳහා 9 වන වාරය දියත් කරයි

May 31, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka අර්ධ අවසන් වටයට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 31, 2025

අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්

May 31, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 31
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අලුත් කෝවිඩ් නිසා ලංකාවේ PCR පරික්ෂණ වැඩි කරයි
Sri Lankan news

අලුත් කෝවිඩ් නිසා ලංකාවේ PCR පරික්ෂණ වැඩි කරයි

kumudikaBy kumudikaMay 30, 2025Updated:May 30, 2025No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයාබැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානමක් නැතත් ආසියාවේ කොවිඩ් රෝගීන් වර්ධනය වීම හේතුවෙන් මෙරට ජනතාවගේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ජනතාව මේ අවස්ථාවේ බිය විය යුතු නැතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මුඛ ආවරණ පැලඳීම සිදු කරන ලෙස ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පෙරේදා (28) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව ලේකම්වරයා පැවසීය.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ ද කීවේය.

“අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ප්‍රධාන සාකච්ඡාව පැවැත්වූවා. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණයක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ ශ්‍රී ලංකාවට මේක එන්නේ නෑ කියලා.

ආසියාවේ කොවිඩ් වැඩි වීමක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මහනුවර, ගාල්ල, ජාතික රෝහල් දෙකෙහි සහ PCR තියෙන රෝහල්වල PCR කිරීම වැඩි කළා.

කොහොමත් තියෙනවා උණ ගැන අවේක්ෂණ පද්ධතියක්. එකක් බාහිර රෝගීන් සම්බන්ධයෙන්, අනෙක අභ්‍යන්තර රෝගීන් සම්බන්ධයෙන්. ඒ දෙකම කරනවා. ඒ හරහා අපි කොවිඩ් තියෙනවා ද කියලා අපි හඳුනාගන්නවා. ඔබට උණ, හෙම්බිරිස්සාව හැදුණොත් මුඛ ආවරණයක් පාවිච්චි කරන්න ඒක අනිත් අයටත් හොඳයි.”

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් අවධානය යොමුකර තිබෙනවා.

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මේ දිනවල රටේ වැඩි වශයෙන් පවතිනවා. එය මර්දනය කිරීමට පූර්ණ අවධානය යොමු කරලයි තියෙන්නේ.

මෙම රෝග බෝවීම සිදු වන්නේ එකම මදුරු වාහකයෙක් මඟිනි. මෙම රෝග බෝවීමට ප්‍රධාන හේතුව වන්නේ පාරිසරික සෞඛ්‍ය ගැටලුයි. මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත්. මේ පිළිබඳ වගකීමක් පවතින ප්‍රධාන ආයතනයක් ලෙස සැලකෙන්නේ පළාත් පාලන ආයතනයි. දැනට මේ සඳහා පළාත් පාලන ආයතනවලින් ලබාදෙන අවධානය අඩු වී තිබෙනවා.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ මහ බැංකුව Dh5,000 අවම ශේෂ නීතිය කල් දමයි
Next Article මැති ඇමතිලා ඇතුළු 20 කට සිර දඬුවම් ලැබෙන්න ලඟයි
kumudika

Related Posts

Dubai Fitness Challenge නව සන්නාමයක් එළිදක්වමින් 2025 සඳහා 9 වන වාරය දියත් කරයි

May 31, 2025

ඩුබායි රාජ්‍යයෙන් සිරස Voice Sri Lanka අර්ධ අවසන් වටයට ගොඩ වදින ලිසාරා ෆර්නැන්ඩෝ ජයග්‍රහණය කරවමු

May 31, 2025

අබුඩාබි තෙල් සමාගමේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර හමුවක්

May 31, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.