ශ්‍රී ලංකාද්වීපයට ශ්‍රී සද්ධර්මය රැගෙන වැඩම කල මිහිඳු සමිඳුගේ මහින්දාගමනය සිහි කරමින් උතුම් පොසොන් පෝ දින ලොව පුරා බෞද්ධ බැතිමතුන් විවිධ දාන,ශීල වැඩසටහන් දියත් කරති. ඩුබායි බෞද්ධ විහාරය පොසොන් පෝය නිමිත්තෙන් ශීල සමාදාන පිංකමක් හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවක් පැවැත්වීමට සූදානම්ය.

ජූනි 15 වන ඉරිදා උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා ඩුබායි ඩුබායි Le Meridien හෝටල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන් පැවැත්වීමට නියමිත වේ. මේ සඳහා පිං කැමති සියල්ලන්ටම පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය සැදැහැ සිතින් ආරාධනා කර සිටිති. 

වැඩිදුර තොරතුරු සඳහා අමතන්න
056 – 213 6787
058 – 863 7476

Share.

Comments are closed.

Exit mobile version