ඇල්ල, දෙමෝදර, බණ්ඩාරවෙල, බදුල්ල හා නුවරඑළිය ඇතුළු ආකර්ෂණීය ස්ථාන නැරඹීමට උඩරට දුම්රිය මාර්ගය හරහා ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථාපිත කිරීමට නියමිත “ඔඩිසි කෑම්පර්” නමින් දුම්රිය මැදිරි තුළ ඉදි කළ සුවපහසු කාමර පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වේ.

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත සංචාරකයින් ඉලක්ක කරගනිමින් නානුඔය දුම්රිය ස්ථානයේ ඉදි කර ඇති කාමර පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර ඉවත් කරන ලද දුම්රිය මැදිරි උපයෝගී කරගනිමින් සකස් කළ සුව පහසු කාමර ඇතුළත් දුම්රිය එන්ජිම සහිත මේ මැදිරි මේ වන විට සකස් කර අවසන් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
එංගලන්තයේ ප්‍රසිද්ධ මේ ක්‍රමය මෙරටට පළමුවරට හඳුන්වා දෙන අතර මෙය සංචාරකයින්ට සුවිශේෂි අත්දැකීමක් වනු ඇතැයිද ඛී ඒ මහතා මේ කාමර තුළ විශාල ප්‍රමාණයේ ඇඳක්, නාන කාමර, උණු වතුර හීටර්ස් ඇතුළු නවීන පහසුකම් සපයා ඇති බවත් වටපිටාව නැරඹීමට හැකි වන ලෙස දුම්රිය වේදිකාවක් සකස් කර ඇතැයි ද කීවේය.

එක් කාමරයක් සඳහා රුපියල් 9500ක් අය කරයි. Bread and Brealfirst ක්‍රමයට අනුව කාමර පහසුකම් සපයා දෙයි. ආහාර පාන සපයනු ලබන්නේ නානුඔය පිහිටි සංචාරක බංගලාවෙන් බව කී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මෙහි ඉදි කිරීම් රත්මලාන ඉංජිනේරු අංශයෙන් සිදු කරඇති බව ද කියා සිටියේය.
ආරම්භක අදියරෙහි කාමර හතරකින් සමන්විත මේ ක්‍රමය තවදුරටත් පුළුල් කිරිමට සැලසුම් කරමින් සිටින බව කී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඒ සඳහා ඉවත් කරන ලද දුම්රිය එන්ජින් සහ දුම්රිය මැදිරි භාවිත කරන බව ද සඳහන් වේ.