ඉදිවෙමින් පවතින වරාය නැගෙනහිර පර්යන්තයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ ( 09 ) පස්වරුවේ අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු එක්විය.
එහිදී ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විමසා බැලු අමාත්‍යවරයා මේ වසර ඇතුළත දී නැගෙනහිර පර්යන්තයේ 50% ක මෙහෙයුම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ කඩිනමින් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිමකිරීමේ අවශ්‍යතාව මතුකර සිටියේ ය.
2014 සිට 2022 වසර දක්වා කිසිදු ඉදිකිරීමක් සිදුනොකළ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2022 සිට ඉබිගමනේ සිදු වූ බවත් වත්මන් රජය බලයට පත්වූ පසු ව්‍යාපෘතියේ සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් සඳහන් කළේය. එය තවදුරටත් වේගවත් කළ යුතු බව පැවසූ ඇමතිවරයා නැගෙනහිර පර්යන්නය(ECT) වරාය සේවකයින් විසින් දිනාගත් සම්පතක් බවත් එය කිසිඳු ආකාරයකින් වෙනත් පාර්ශවයකට ලබානොදෙන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ යටතේ වඩාත් කාර්‍යක්ෂම සහ නවීන කළමනාකරණ ව්‍යුහයකින් යුක්තව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබාදුන්නේ ය.
වරාය අධිකාරියේ සභාපති, උප සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ, ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.