එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය නිමිතිකොට ගෙන
රථවාහන දඩ සඳහා සියයට 50 ක වට්ටමක් ප්‍රකාශයට පත් කළ සිව්වන එමීර් රාජ්‍යය බවට සාජා පත්ව ඇත.

මෙමගින් මෝටර් රථ හිමියන්ට 2022 දෙසැම්බර් 1 සහ 2023 ජනවාරි 20 අතර කාලසීමාව තුල අඩු කළ ගාස්තු ලබාගත හැක.

වට්ටම් කළ දඩය 2022 දෙසැම්බර් 1 ට පෙර සිදු කරන ලද උල්ලංඝනයන් සඳහා අදාළ වේ.

මෙම පියවර 2023 ජනවාරි 20 දක්වා පවතිනු ඇති පරිදි 2022 දෙසැම්බර් 1 දින සිට බලාත්මක වනු ඇත.

එවැනි දඩ මුදල් මගින් පුද්ගලයන්ට මූල්‍යමය බර වැඩි වන බව මතක තබා ගනිමින් රියදුරන් නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බව ද සාජා පොලිසිය පවසයි.

Share.

Comments are closed.