ප්‍රථම වරට ලොව විශාලතම නිල් මැණික් වෙන්දේසිය හා ප්‍රදර් ශනය පසුගිය නොවැම්බර් 22 සිට 24 වෙනිදා දක්වා DMCC හිදී පැවැත්විනි.

ලෝක නිල් මැණික් වෙන්දේසියේ සහ ප්‍රදර් ශනයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ඩුබායි සහ උතුරු එමිරේට්ස් කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න මැතිතුමා ද සහභාගී විය.

මෙය නිල් මැණික් කේන්ද්‍ර කරගත් විශේෂිත වෙන්දේසියක් සහ ප්‍රදර්ශනයක් වන අතර මෙම උත්සවයේ අරමුණ වන්නේ වටිනා මැණික් ගල් ගෝලීය වේදිකාවක් මත ප්‍රවර්ධනය කිරීමයි. දුර්ලභත්වය සහ සුවිශේෂත්වය නිසා ලොව ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකේය නිල් මැණික් ප්‍රවර්ධනය කිරීමට මෙම උත්සවය හොඳ වේදිකාවක් වනු ඇත.

Share.

Comments are closed.