ඩුබායි හි ඔටුන්න හිමි කුමරු සහ ඩුබායි විධායක සභාපති ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් විසින් වාර් ෂිකව ආරම්භ කරන ලද ඩුබායි යෝග්‍යතා අභියෝගය (DFC) හි හයවන වටය සඳහා වාර් තාගත මිලියන 2.2 ක ජනතාවක් සහභාගී වූහ.

දින 30 පුරා පුද්ගලයන් 2,212,246ක් සෑම දිනකම මිනිත්තු 30ක් ව්‍යායාමයේ යෙදෙන්නට ප්‍රතිඥාවක් දී කැපවීමෙන් මේ සදහා දායකත්වය ලබාදුන්නා.

ඩුබායි හි ශාරීරික යෝග්‍යතා ගම්මාන දෙකක් සහ මධ්‍යස්ථාන 19ක් හරහා නොමිලේ පන්ති 13,000කට වඩා සත්කාරකත්වය ලබා දුන්නා.

සහභාගීවන්නන් ඔවුන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට කැපවීම සඳහා ආදර්ශයක් තබා දී ඇති අතර සමස්ත ප්‍රජාවගේ යෝග්‍යතා මානසිකත්වය පරිවර්තනය කිරීමට දායක වී ඇති බව ෂෙයික් හම්දාන් පැවසුවා.

Share.

Comments are closed.