එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය අතර අත්සන් කරන ලද සුවිශේෂී ගිවිසුමක් මගින් දෙරට අතර ගමන් කාලය විනාඩි 47ක් වැනි කෙටි කාලයක් දක්වා අඩු කරන දුම්රිය ජාලයක් ස්ථාපිත කිරීමට පසුගියදා ගිවිසුම් ගත වුනා.

මෙය ඩිරාම් බිලියන 11 ට වඩා වැඩි ආයෝජනයක් වනවා.

කිලෝමීටර 303ක් පුරා විහිදෙන මෙම දුම්රිය මාර්ගයේ නවීනතම මගී දුම්රිය ඇතුළත් වන අතර එය උපරිම වේගය පැයට කිලෝමීටර 200 වන අතර, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පැයට කිලෝමීටර 120 දක්වා ධාවනය කෙරේ.

වාණිජ හුවමාරුව සහ සමාජ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීම, ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන සම්බන්ධ කිරීම, ප්‍රජාවන් අතර ගමනාගමනයට පහසුකම් සැලසීම සහ ඕමානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර් ථික හා කාර් මික කලාප අතර බාධාවකින් තොරව ප්‍රවාහන විසඳුම් ලබා දීමෙන් නව අවස්ථා විවෘත කිරීම පාර් ශ්ව දෙකේ අරමුණයි.

Share.

Comments are closed.