එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 51 වන ජාතික දිනය නිමිත්තෙන් රට පුරා සිටින විවිධ ගෝත්‍රික ජනයාගේ සහභාගීත්වයෙන් මෙම පාගමන සිදුකරන්නට යෙදුනා. ජනාධිපති අධිකරණය විසින් අල් වත්බා හි සංවිධානය කල ‘මාර් ච් ඔෆ් ද යූනියන්’ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති, අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් සෙනසුරාදා සහභාගී වුනා.

මාර් ච් ඔෆ් ද යූනියන් සඳහා සහභාගී වූවන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එකමුතුකම සහ සංගමය පිහිටුවීමේ සිට එහි ගමන් මග පිළිබඳව මෙන්ම, ෂෙයික් මොහොමඩ් සහ ඔවුන්ගේ උසස් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් එවැනි ප්‍රඥාවන්ත නායකත්වයක් තිබීම පිළිබඳව ඔවුන්ගේ ආඩම්බරය ප්‍රකාශ කලා.

ජාතික අනන්‍යතාවය සහ උරුමය, ඔවුන්ගේ මව්බිම සමඟ ඇති ගැඹුරු සම්බන්ධය සහ එමරාත් ප්‍රජාව තුල දක්නට ලැබෙන ශක්තිමත් සහජීවනය ඉස්මතු කරන සාම්ප්‍රදායික සහ ජන ගී සහ ගායනා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උරුමය එහිදී ප්‍රදර්ශනය කෙරැණා.

ඉන් අනතුරැව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ධජය ද ඔසවමින් රටේ ඥානවන්ත නායකත්වයට පක්ෂපාතී වීමේ ප්‍රතිඥාව ලබාදුන්නා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගීය, ප්‍රසංගයක් සමඟින් ආරම්භ වූ මෙම අවස්ථාවට සම්ප්‍රදායික ඔටුවන් සහ අශ්ව සංදර්ශන සහ සම්ප්‍රදායික එමරාති නැටුම් ඇතුළු උරුම ක්‍රියාකාරකම් මාලාවක් ඇතුළත් වුනා.

අතර ඉන් අනතුරුව දර්ශනීය ගුවන් සංදර්ශනයක් ද පැවැත්වූවා.

Share.

Comments are closed.