ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවිය.

ඒ එය තරගාවලිය වෙනුවෙන්ම සැකසූ තාවකාලික ක්‍රීඩාංගණයක් වීම හේතුවෙනි. විශේෂත්වය වන්නේ මෙම තරගයෙන් අනතුරුව මෙම ක්‍රිඩාංගණය ගලවා ඉවත් කිරිමට තරග බළධාරීන් ක්‍රියා කොට තිබීමයි.

‘974 ක්‍රීඩාංගණය’ – Stadium 974 යන විශේෂිත නාමයෙන් හඳුන්වන මෙම ක්‍රීඩාංගණයට මෙම නාමය ලැබී ඇත්තේ එය බහාලුම් හෙවත් ‘කන්ටේනර්’ පෙට්ටි 974 ක් ආධාරයෙන් ඉදිකර තිබීමයි.
භාවිතයෙන් පසු ගලවා ඉවත් කළ හැකිසේ නිර් මාණය කර ඇති මෙම ක්‍රීඩාංගණය ඉන් අනතුරුව ක්‍රීඩාංගණ අවශ්‍යාවක් ඇති රටකට ප්‍රදානය කරන බව කටාර් ලෝක කුසලාන සංවිධායකයින් මීට පෙරම නිවේදනය කලේය.

Share.

Comments are closed.