අත්අඩංගුවට ගත් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය යළි පාරට පැමිණ නැවත මිනිසුන් අතට පත්වීමේ ප්‍රවණතාවක් වර් ධනය වෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, අඩුවෙන් සාකච්ඡාවට ගත්තද, අන්තරායකර මත්ද්‍රව්‍ය පිළිබඳ කාරණය රටට අහිතකර ලෙස බලපා ඇති බවත්, මේ වන විට තරුණ තරුණියන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් භයානක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත්ය.

‘අයිස්’ (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) වැනි භයානක මත්ද්‍රව්‍ය නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලෙස ප‍්‍රකාශයට පත් කරමින් නීතිය ක‍්‍රියාත්මක කරන තුරු ඒවා නීති විරෝධී ලෙස ප‍්‍රකාශයට පත් නොකළ බව ද අමාත්‍ය රාජපක්ෂ අවධාරණය කළේය.

“මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන්ට මරණ දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට නීති කෙටුම්පත් කර ඇත”, ඔහු පැවසීය.

“සමහර විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මේ මත්ද්‍රව්‍ය නැවත වෙළෙඳ පොළට යවන තත්ත්වයක් තිබුණා. මෙම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර් ග ගැනීමට ද පසුගිය දා ඉල්ලා සිටියා”, ඔහු අවධාරණය කළේය.

අත්අඩංගුවට ගත් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය උසාවිවල වාර් තා කාමරවලට යවා නැවත පාරට බැස ඇති බවත්, ඒවා නැවත ජනතාවට අලෙවි කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එබැවින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සාම්පල් ප්‍රමාණයක් පමණක් ළඟ තබාගෙන වහාම ඒවා විනාශ කිරීමට නීති සංශෝධන කළ බවත් පරීක්ෂණ අවසන් වූ පසු ඒවා විනාශ කිරීමට අදාළව අධිකරණයට බලතල පවරා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“හෙරොයින් වැනි භයානක මත්ද්‍රව්‍ය උසාවිවල වාර් තා කාමර තුළ තිරිඟු පිටි හෝ කුඩු බවට පත් වී නැවත වෙළඳපොළට යවනවා,” අමාත්‍යවරයා පැවසීය.

Share.

Comments are closed.

Exit mobile version