මෙම යෙදුම මගින් පරිශීලකයින්ට මිතුරන් සහ පවුලේ අය සමඟ සාමාන්‍ය ඇමතුම් හා වීඩියෝ ඇමතුම් මගින් කතාබස් කිරීමට අමතරව, මුදල් හුවමාරු කිරීම, බිල්පත් ගෙවීම, ක්‍රීඩා කිරීම ආදී සේවා ද සපයයි.

GoChat Messenger, නොමිලේ හඬ සහ වීඩියෝ ඇමතුම් යෙදුමක් ලෙස, එටිසලාට් U.A.E. සන්නාමය යටතේ හදුන්වා දී ඇත. මෙම යෙදුම මේ වන විට ලොව පුරා බාගත කිරීම් මිලියන 3.5 ඉක්මවා ඇත.

මෙසේ බාගත කිරීම් ඉහලයාමට හේතුව වී ඇත්තේ එය පරිශීලකයින්ට හැසිරවීමේ ඇති පහසුව හා සුවිෂේශී අත්දැකීමක් සමුදායකින් පරිපූර් ණ වී ඇති නිසයි.

GoChat Messenger යෙදුම පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම සන්නාම අනුගමනයෙන් ලැබෙන අමතරව දීමනා, වට්ටම් සහ නව දියත් කිරීම්, විලාසිතා, මෝටර් රථ, ආහාර ඇතුලු තවත් බොහෝ දේ තෝරා ගැනීමට ඉඩ ලබා දේ. මීට අමතරව සේවා අංශයට සිල්ලර බඩු සාප්පු සවාරි ද ඇතුළත් වේ.

GoChat Messenger යනු ලෝකයේ ඕනෑම කෙනෙකුට බාගත කළ හැකි ගෝලීය යෙදුමකි, ලියාපදිංචිය සඳහා ජංගම දුරකථන අංකයක් පමණක් අවශ්‍ය වේ.

Share.

Comments are closed.