නොවැම්බර් 26 සිට 30 දක්වා ලක්සම්බර් ග් හි පැවැති EXPOGAST 2022 Villeroy & Boch සූපශාස්ත්‍ර ලෝක කුසලාන තරගය නියෝජනය කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සූපශාස්ත්‍ර කණ්ඩායමක් සහභාගී වූවා.

මෙය ලෝකයේ වඩාත්ම කීර් තිමත් තරඟයක් වන අතර එයට තරඟ කිරීමට කණ්ඩායම් සඳහා පමණක් ආරාධනා ලැබේ.

සූපවේදීන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම තරඟයට ඉදිරිපත් කලා.

පේස්ට්‍රි සූපවේදීන්ගේ කණ්ඩායම නියෝජනයට සාජා, ඩුබායි සහ අබුඩාබි රාජකීය මාලිගාවල අවන්හල් ද, හෝටල්වල පේස්ට්‍රි කලාකරුවන්ද ඇතුළත් වුනා.

මෙම තරගයට ලොව පුරා රටවල් තරඟ වදින අතර, තරඟ කිරීමට තෝරාගත් ලෝකයේ විශිෂ්ඨම කණ්ඩායම් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කිරීම ශ්‍රී ලාංකික සූපවේදීන්ට ඉමහත් ගෞරවයක් විය.

සූපකලාශිල්පීන්ගේ සහ පේස්ට්‍රි සූපවේදීන්ගේ කණ්ඩායම කලාත්මක කාණ්ඩ කිහිපයක් යටතේ තරඟ වැදුණු අතර, කණ්ඩායම්වල විශිෂ්ඨතම කෘති අතර සූපවේදී ජාගොඩගේ නායකත්වයෙන් යුත් අයිස් කැටයම් සෙනඟ කුල්මත් කිරීමට සමත් වුනා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩායමට රන් පදක්කම් 43ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 4ක් සහ ඩිප්ලෝමා 4ක් ප්‍රදානය කරන ලදී. සමස්ථ පදක්කම් 61ක් රට වෙනුවෙන් ලබාදෙන්නට මෙම සූපවේදීන්ට හැකි වුනා .

සූපවේදීන් සඳහා මීළඟ විශාලම ඉසව්ව වන්නේ 2024 දී ජර්මනියේ පැවැත්වෙන සූපශාස්ත්‍ර ඔලිම්පික් උළෙලයි.

Share.

Comments are closed.