සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වෙත ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නලින්ද විජේරත්න ප්‍රමුඛ ඉහළ පෙළේ
ව්‍යාපාරික නියෝජිත පිරිසක් පැමිණියා.

මෙම හමුවේදී දෙපාර් ශවයම සාජා සහ ශ්‍රී ලංකාව අතර උපායමාර් ගික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ ව්‍යාපාරික සබඳතා ඉදිරියට ගෙනයා මේ මාර්ග සාකච්ඡා කළහ. මිත්‍ර රටවල් දෙක අතර වෙළඳාම තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ආයෝජන සහයෝගීතාවයේ නව මංපෙත් ද ඔවුන් විමසාබැලුවා.

ව්‍යාපාර සහ සන්නිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්අසීස් ෂටාෆ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ව්‍යාපාරික සබඳතා සහ සහයෝගීතාවයක් ඇති බව අවධාරණය කලා. 2018 සහ 2019 කාලය තුළ දෙරට අතර වෙළඳ පරිමාව 4% කින් ඉහළ ගොස් ඇති බව තවදුරටත් පැවසුවා.

දෙරටේ පෞද්ගලික අංශය එකිනෙකාගේ හැකියාවන් පිළිබඳව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීම තුළින් සාජා සමඟ ආර් ථික සබඳතා වර් ධනය කර ගැනීමට මෙම හමුව ශ්‍රී ලංකා දූත පිරිසට අවස්ථාවක් ලබා දී ඇති බව නලින්ද විජේරත්න මහතා අවධාරණය කළේය.

Share.

Comments are closed.

Exit mobile version