2022 වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින් පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර ඇත.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන

මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මුදලක් වන අතර, ගිය වසරේ මෙලෙස අය කර දෙන ලද මුදල රු. 8,945,900 කි.

මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1080ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 614ක් ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිවයි.

තවද ඒජන්සි ආයතන වලට එරෙහිව ලැබුන පැමිණිලි විභාග කිරීමේදී නීති විරෝදී අයුරින් කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි ආයතන 13ක කම්කරු බලපත්‍ර මේවනවිට අවලංගු කිරීමට කටයුතු කර ඇත.

තවදුරටත් පවතින පැමිණිලිවල ස්වභාවය අනුව ඒජන්සි ආයතන කිහිපයක බලපත්‍ර අවලංගු කිරීමට නියමිතයි.

විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිවිරෝධි කටයුතු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කරන ලද වැටලීම් ගණන 26ක් වන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් ප්‍රමාණය 75කි. ඔවුන් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු කාර්යාංශයේ බලපත්‍රලාභී ඒජන්සි හිමියන්ය.

Share.

Comments are closed.