පසුගිය වසරට සාපේක්ෂව සංචාරක කර් මාන්තයේ විශාල වර් ධනයක් පෙන්නුම් කරමින් ගත වූ මාස 11ක කාලය තුළ සංචාරකයන් හයලක්ෂ විසිහය දහස් අසූහය දෙනකු මෙරට සංචාරයේ නිරතව ඇති බව වාර් තා වෙනවා.

ඒ අතරින් බහුතරය ඉන්දියානු සංචාරකයන් බව සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර් තාව හෙළිදරව් කරනවා.
මේ වසරේ සංචාරක පැමිණීම සැලකීමේදී බ්‍රිතාන්‍යය දෙවැනි ස්ථානයටත්, රුසියාව තෙවැනි ස්ථානයටත් පත්ව සිටියි. කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ වැඩි පැමිණීම සටහන් කර ඇත්තේ රුසියානු සංචාරකයන්ය.

නොවැම්බර් මාසයේ සංචාරක පැමිණීම් පනස්හත් දහස් අටසිය විසිඅටක් ලෙස සටහන්ව ඇති අතර අවසන් සතියේ කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබේ. ඊට හේතුව වී ඇත්තේ සුඛෝපභෝගී සංචාරක නෞකා මෙරට සංචාරයට පැමිණීමය. 2021 වසරේ සමස්ත සංචාරක පැමිණීම එක්ලක්ෂ අනූහතර දහසක් පමණ වූ බැවින් 2022 වසරේ සංචාරක පැමිණීම වාර් තාගත තත්ත්වයකි.

මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට ලබන අප්‍රේල් මාසය දක්වා මෙරට සංචාරක කර් මාන්තය තවදුරටත් වර්ධනයක් සිදුවෙතැයි සංචාරක කර් මාන්තයේ නියුතු පිරිස් විශ්වාසය පළ කරති.

Share.

Comments are closed.