විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදුකළ සමීක්ෂණයනට අනුව මෙරට ආර් ථිකය ප්‍රතිසංස්කරණය කළ හැකි විශ්වාසවන්තම පුද්ගලයා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බව අනාවරණය වී ඇත.

ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කෙරෙහි ජනතා විශ්වාසය 56.6% වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 44.5% කි.

ඊට අමතරව ආචාර් ය හර්ෂ ද සිල්වා 42.7% ද මහාචාර්ය රංජිත් බණ්ඩාර 24.7% ද පාඨලී චම්පික රණවක 23.1% ලබා ඇති බව අනාවරනය වී ඇත.

ඊට අමතරව සිදුකළ තවත් සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ 56.8%ක් රට හැර යාමට කැමැත්තෙන් පසුවන බවත් 41.5% රට යාමට අකමැති බවත් තවත් 1.7%ක් තීරණයක් නොමැතිව සිටින බවත් ය.

Share.

Comments are closed.