විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල මාර් ග ඔස්සේ ශ්‍රී ලංකාවට එවනු ලබන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී එම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 29කින් ඉහළ ගොස් තිබෙනවා.

ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අගය 2021නොවැම්බර් මාසය හා සැසදීමේදී 42% ක වර් ධනයකි. 2021නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී තිබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 271.4ක් විය.

Share.

Comments are closed.