ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් අරඹා නවතා දැමුණු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය එකඟත්වය පළ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය ජපන් සංචාරයේදී සැහැල්ලු දුම්රිය සේවාව ගැන සාකච්ඡා කර ඇති අතර එහිදී ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කොටඇත.

ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාව ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙකි විසින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධනට මේ අනුව ඉකුත්දා දැනුම් දී තිබේ.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් වාර් තාවක් මඟින් හෙළි කර තිබිණි.

අදියර කිහිපයක් ලෙස ඉදිකිරීමට යෝජිත වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පළමු මාර් ගය වූයේ කොළඹ කොටුව සිට මාලබේ දක්වා වූ සැහැල්ලු දුම්රිය මාර් ගයයි. එහි දිග කිලෝමීටර් 15.3ක් වූ අතර දුම්රිය ස්ථාන 16ක් ඊට ඇතුළත් විය. ඊට අමතරව තවත්
මාර් ග 6ක් යෝජනා වී තිබේ.

Share.

Comments are closed.