Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අකාර්යක්ෂමතාව කෝප් කමිටුවේදී එළියට
Uncategorized

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අකාර්යක්ෂමතාව කෝප් කමිටුවේදී එළියට

adminBy adminDecember 12, 2022No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Dubai_Lanka-News-1-1
Dubai_Lanka-News-1-1
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යංශයේ 2019 සහ 2020 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර් තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2020.12.08 වැනිදා පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) විමර්ශනය කෙරුණා.

එහිදී විගණකාධිපතිවරයා විසින් සිය වාර් තාවේ. පෙන්වා දී තිබූ මූලික කාරණා 21 ක් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගැනිණි.

  1. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යංශයට අදාළ පනත සම්බන්ධයෙන් ඇති ගැටලු යාවත්කාලීන කිරීම පිළිබද කරුණු මෙහිදී විමර්ශනය කෙරුණා.
  2. විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ පනතට අනුව උප සභාපති තනතුරක් නොතිබිය යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය. එමෙන්ම අමාත්‍යවරයා විසින් කර ඇති පත්වීම නීත්‍යනුකූල නොවන බවත් එවැනි පත් කිරීමක් සදහා පනතේ කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බවත් අමාත්‍යවරයා වෙත වහාම ක්‍රියාත්මක වන පිරිදි ලිපියක් මගින් ඒ බව දන්වන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග මෙහිදී කෙරුණා.
  3. කාර් යාංශයේ සංයුක්ත සැලැස්ම යාවත්කාලින කර මාස දෙකක් ඇතුලත ඉදිරිපත් කරන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුව නියෝග කරන ලදි.
  4. කම්කරු සුබසාධන අරමුදල වෙනම ගිණුමක් ලෙස පවත්වාගෙන යාම සහ විගණකාධිපතිවරයාගේ මුල්‍ය විගණනයට ලක්කිරීම සදහා වන වැඩපිළිවෙල මෙම මුදල් වර්ෂයේ සිට ක්‍රියාවට නංවන ලෙස නියෝග කෙරුණා.
  5. කැබිනට් නිර් දේශයකට අනුව ශ්‍රී ලංකා පොලිසියේ සේවය විමර්ශන කටයුතු සදහා කාර් යාංශය යොදාගෙන තිබුණද දැනට එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා විමර්ශන කටයුතුවල සිදුවිය හැකි අඩුපාඩු මොනවාද යන්න හදුනා ගැනීම සිදුවුණා.
  6. විවිධ අක්‍රමිකතාවන් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් හෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ විදේශ සේවා නියුක්ති කාර් යාංශ මට්ටමින් ලබා දෙන නිර් දේශ ක්‍රියාත්මක නොකොට වරදකරුවන්ට දඬුවම් නොකිරීම සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයන්ට අනුව ඔවුන් නිදොස්කොට නිදහස් කිරීම පිළිබඳව කරුණු සාකච්ඡා විය. එහිදී අමාත්‍යාංශ ලේකම්වරයාට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විනය පරීක්ෂණ සංචිතයේ සහයෝගය ලබාගෙන විධිමත් විනය පරීක්ෂණයක් සිදුකොට මසක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා.
  7. විදේශගත ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේදී සිදුවී ඇතැයි කියන දෝෂ සහගත තත්ත්වයන් සහ අක්‍රමිකතා පිළිබදව විශේෂ වාර් තාවක් විගණකාධිපතිවරයා වෙතින් කැදවීමට නිර් දේශ විය. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රියා පිටිපාටිය පිළිබදව සංක්ෂිප්ත වාර් තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නිර් දේශ කළේය.
  8. විධිමත් අනුමැතියකින් තොරව දිගින් දිගටම කාර්යාංශය මගින් සිදු කළ වියදම් සමිබන්ධයෙන් කරුණු විභාග කළ අතර ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර් ග මහාභාණ්ඩාගාරයේ නියෝජිතයා විසින් සම්බන්ධීකරණය කොට ගත හැකි ක්‍රියාමාර් ග පිළිබද සංක්ෂිප්ත වාර් තාවක් මසක් ඇතුළත කෝප් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කෙරුණා.
    එහිදී මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් ලෙස විවිධ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත්කර යවන පිරිස් නිශ්චිත කාල සීමාවකට පත් කරන ලෙස මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට නියෝග කෙරුණා.
  9. ආයෝජන තීන්දු පමා කිරීම මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුව ඇති අලාභ පිළිබද කෝප් කමිටුව කරුණු විමර්ශනය කළ අතර එවැනි අලාභයක් සිදුව ඇත්තේ එවැනි තීන්දු ගැනීම සදහා වන බලය එක් නිලධාරියෙකුට පැවරීම නිසා බව ද හෙළි විය. එම නිසා කමිටුවක් වෙත එම බලය පැවරිය යුතු යැයි
    නිර් දේශ කළ කෝප් කමිටුව ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද සති දෙකක් තුළ දන්වන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට නියෝග කළේය.
  10. විදේශ දූත මණ්ඩලවල කම්කරු සුබසාධන කටයුතු සිදුකරන අය පිළිබදව විශේෂ විමර්ශනයක් අභ්‍යන්තර විගණක විසින් කළයුතුයැයි කෝප් කමිටුව යෝජනා කළ අතර එම වාර් තාව අමාත්‍යාංශ ලේකම්වරයා මගින් කෝප් කමිටුව වෙත ලැබීමට සලස්වන ලෙස නිර් දේශ කෙරුණා.
  11. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විවිධ රටවල රැකියා අවස්ථාවන් සදහා පවත්වන විවිධ වැඩ සටහන් මගින් විශාල පිරිසකට පුහුණු අවස්ථාවන් ලැබුණද විදේශගත වීමට අවස්ථාව නොලබන නිසා සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විගණකාධිපති වාර්තාව මගින් හෙළිදරව් විය. එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් දැනුට පුහුණු කිරීම් සදහා යොමුකොට විදේශගත වීමට සූදානම් කර ඇති පිරිස් පිළිබද පූර් ණ වාර් තාවක් ලබා දෙන ලෙස කාර් යාංශයේ සභාපතිවරයාට නියෝග කළේය.

මෙම නිර් දේශවල ප්‍රගතිය පරීක්ෂාව සදහා නැවතත් මාස තුනකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවීමට ද මෙහිදී තීරණය විය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ක්‍රිකට්වලට දේශපාලන ඇඟිලි ගැසීම් එපා – අයි.සී.සීයෙන් අවවාදයක්
Next Article එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක සර්පයෙක්.
admin
  • Website

Related Posts

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.