ශ්‍රී ලංකා රජය සිංගප්පූරු රජය හා ඇතිකරගත් එකඟතාවක් මත මුල් අදියරේදී රජයේ රෝහල්වල හෙදියන් එකසිය විස්සකට සිංගප්පූරුවට යාමට අවස්ථාව උදාවී තිබිණි.

එම කණ්ඩායමේ මුලින්ම පිටව ගිය හෙදියන් දෙදෙනාගෙන් එක් හෙද නිලධාරිනියක් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සේවයට එක්ව ඇතැයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න යැවූ ලිපියක් මූලික කරගනිමින් මෙලෙස රැකියා අවස්ථා අහිමි වීමේ අවදානම මතු වී තිබෙනවා.

සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාල සෞඛ්‍ය පද්ධතිය (National University Health System) වෙත සෘජුවම මෙම ලිපිය යොමු කිරීමට විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පියවර ගෙන තිබෙනවා. මෙම තත්ත්වය මත සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවෙන් ලබාදෙන සහතික පිළිනොගන්නා තත්ත්වයක් මතුව ඇතැයි තානාපති අංශ මෙරටට දැනුම් දී තිබෙනවා.

තහවුරු කරගැනීමකින් තොරව රෝහල් අධ්‍යක්ෂවරයා මෙම ලිපිය යොමුකිරීමෙන් රජයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුමක් මත ලබාදීමට ගිය රැකියා අවස්ථාවන් සඳහා අවදානමක් මෙන්ම කළු පැල්ලමක් එල්ල වී ඇතැයි තානාපති අංශ අනාවරණය කරනවා.

මෙම හෙද නිලධාරිනිය සම්බන්ධව සිංගප්පූරු රජයට ලිපියක් ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්ෂවරයාට නීත්‍යනුකූල අයිතියක් නොමැති බවත්, ඔහු ධුරාවලියට පිටින් මෙම ලිපිය ඉදිරිපත් කරමින් නීතිවිරෝධී ක්‍රියාවක් කර ඇති බවත් හෙළි වී තිබෙනවා.

සිංගප්පූරුවේ රෝහල්වල හෙද හෙදියන් සඳහා රැකියා ඇබැර් තුවලට බඳවා ගැනීමේදී ලියාපදිංචි හෙදියකට රුපියල් පන්ලක්ෂ තිස්අට දහසක (සිංගප්පූරු ඩොලර් 2000)ක වැටුපක් නිර්දේශ කොට ඇත.

Share.

Comments are closed.