කොල්ලුපිටියේ දී පසුගියදා මෝටර් රථ අනතුරකින් පසුව මෝටර් රථය දමා ඩුබායි රාජ්‍යයට පලා ගොස් සිටි කෝටිපති ව්‍යාපාරික සැකකරු ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

සැකකරු ඊයේ රාත්‍රියේ 9.55 ට පමණ මෙරටට පැමිණ ඇති අතර. ඔහුට එරෙහිව පනවා තිබූ ගුවන් ගමන් තහනමට අනුව සැකකරුවන් තොටුපල බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන දේවානම් පියතිස්ස මාවතේ පදිංචි පුද්ගලයෙකි.

සැකකරු කොල්ලුපිටිය පොලිසියට බාර දී ඇත. සැකකරු පිරිසක් සමඟ මත්පැන් පානය කර මෝටර් රථයකින් ඉකුත් (10) කොල්ලුපිටිය ගමන් කරමින් සිටියදී රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරු මියගොස් තිබුණා.

අනතුරුව සැකකරු සිය මෝටර් රථය එම ස්ථානයේදීම දමා පලා ගොස් තිබුණා.

Share.

Comments are closed.