එක්සත් අරාබි එමීර් රාජ්‍ය ය ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ප්‍රයත්නයන්ට දායකත්වය සපයමින්,  පසුගිය සතියේ ව්‍යාපාරික ලාභ මත බදු පැනවීම පිළිබඳ ෆෙඩරල් නියෝග නීතියක් ප්‍රකාශයට පත් කරන ලද අතර එය 2023 ජුනි 1 වන දින සිට බලාත්මක වීමට නියමිතය.

නව බද්ද මගින් ඩිරාම් 385,000 ට වැඩි ලාභ මත 9% ක ආයතනික බද්දක් අය කරනු ලැබේ.

ඩිරාම් 385,000 දක්වා සහ ඇතුළුව කුඩා ව්‍යාපාර සහ ආරම්භකයින්ට  සහාය වීම සඳහා 0%ක් බදු අය කෙරේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය විශේෂඥයින් නව බදු පිළිබදව මෙසේ පැහැදිලි කරයි.

දැනට පවතින, නිදහස් කලාප ආයතන සුදුසුකම් ලබන ආදායම මත 0% ක ආයතනික බදු අනුපාතයකින් ප්‍රතිලාභ ලබනු ඇත.

ආයතනික බද්ද වැටුප් හෝ වෙනත් පුද්ගලික ආදායමකට අදාළ නොවේ. බැංකු තැන්පතුවලින් හෝ ඉතුරුම් වැඩසටහන්වලින් උපයන, පොලී සහ වෙනත් පුද්ගලික ආදායම් සහ පුද්ගලික ධාරිතාවයෙන් යුත් පුද්ගලයන් විසින් දේපළ වෙළඳාම් සඳහා කරන ආයෝජන ද මෙම නව බද්දට යටත් නොවේ.

රාජ්‍ය ආයතන, විශ්‍රාම වැටුප් අරමුදල්, ආයෝජන අරමුදල් සහ මහජන ප්‍රතිලාභ සංවිධාන වැනි සංවිධානවලට එමිරේට්ස් හි සමාජීය ව්‍යුහයට සහ ආර් ථිකයට අත්‍යවශ්‍ය සහ දායකත්වය හේතුවෙන් නිදහස් කිරීම් ලැබෙනු ඇති.

Share.

Comments are closed.