ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 2.9 ක ණය ලබා දී​ම විධිමත් ලෙස අනුමත නොකරනු ඇතැයි වාර්තා වෙනවා.

දශක ගනනාවක් තුල ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට මගක් සොයමින්, ශ්‍රී ලංකාව ජූනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹුනා.

ශ්‍රී ලංකා රජ​ය සැප්තැම්බර් මාසයේදී කියා සිටියේ වසර අවසානය වන විට මණ්ඩලය විසින් මෙම ගනුදෙනුව අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මෑත මාසවල ප්‍රගතිය මන්දගාමී වූ අතර, ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා පසුගිය මාසයේ මෙම ඉල්ලීම ජනවාරි දක්වා දීර්ඝ කළ හැකි බව පිළිගත්තේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදා හැරීමට පෙර ශ්‍රී ලංකාවට ණය හිමියන්ගෙන් පූර්ව මූල්‍ය සහතික ලබා ගැනීමටත්, එහි අධික ණය බර තිරසාර මාවතකට යොමු කිරීමටත්, මහජන ආදායම වැඩි කිරීමත් අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර් ශ්වික ණය දෙන්නන් තිදෙනෙකු වන චීනය, ජපානය සහ ඉන්දියාව සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ සාකච්ඡාවල වැදගත්කම IMF අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශය පවසා ඇත්තේ  IMF අනුමැතිය ලබා ගැනීම කෙරෙහි තමන් “100% අවධානය යොමු කර ඇති” බවයි.

Share.

Comments are closed.