වාර්ෂික සාජා සාප්පු සවාරි ප්‍රවර්ධනය දෙසැම්බර් 15 සිට 2023 ජනවාරි 29 දක්වා පැවැත්වෙනවා. එමගින් සාප්පු යන්නන්ට සියයට 75 කට වැඩි වට්ටම් පිරිනමනවා.

සාජා නගරයේ සහ එමීර් රාජ්‍යයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවල සාප්පු මධ්‍යස්ථාන සහ සිල්ලර වෙළඳසැල් වලදී විවිධ නිෂ්පාදන සඳහා ප්‍රධාන වට්ටම් සාප්පු සවාරි යන්නන්ට දැකගත හැකිය.

මෙම වැඩසටහන වටිනා ත්‍යාග සිය ගණනකට අමතරව සුවිශේෂී ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සහ ආකර්ශනීය විස්මයන්ගෙන් පිරී ඇති බව සාප්පු සැණකෙළියේ සංවිධායක වන සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SCCI) පවසයි.

සාප්පු මධ්‍යස්ථාන දුසිම් ගනනක් හරහා සාප්පු දහස් ගණනක් සාජා සාප්පු සවාරි ප්‍රවර්ධන 2022 සඳහා සහභාගී වන අතර ජාත්‍යන්තර සන්නාම සහ පාරිභෝගික භාණ්ඩ විශාල සංඛ්‍යාවක් මත ඔවුන්ගේ ප්‍රවර්ධන දියත් කිරීමට සූදානම්ව සිටිති.

සාජා සාප්පු සවාරි ප්‍රවර්ධන මගින් සාප්පු සවාරි යන්නන්ට සහභාගී වන සාප්පු මධ්‍යස්ථානවලින් ත්‍යාග පැකේජ මෙන්ම සාප්පු වවුචර, මිලදී ගැනීම් සඳහා දිනුම් ඇදීම් සහ ඇඳුම්, සුවඳ විලවුන්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, ගමන් උපකරණ සහ තවත් බොහෝ දේ සඳහා විශාල වට්ටම් ලබා දෙනවා.

මීට අමතරව, සාජා එමීර් රාජ්‍ය යේ ප්‍රසිද්ධියට පත් වූ සුවිශේෂී ගමනාන්ත, සංචාරක ආකර්ෂණී​ය ස්ථාන සහ සුවිශේෂී සාප්පු සවාරි මධ්‍යස්ථානවලදී ඉදිරිපත් කෙරෙන ශීත කාලය සදහා වූ විශිෂ්ට ප්‍රසංග කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

Share.

Comments are closed.

Exit mobile version