ස්වයං මාර්ගෝපදේශ සංචාරක තොරතුරු, නාවික චාරිකා සඳහා කැප වූ ජංගම යෙදුමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී එළිදැක්විණි.

මෙම ජංගම යෙදුම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ GIZ Sri Lanka – Supporting Wilpattu National Park and Influence Zone Management in Sri Lanka සමඟ එක්ව, ආර්ථික හා සංවර්ධන සහයෝගිතා සඳහා ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය (BMZ) වෙනුවෙන් සංවර්ධනය කරන ලදී.

උද්‍යාන තොරතුරු, අන්තර් ක්‍රියාකාරී සංචලනය, මාර්ගගත ශ්‍රේණිගත කිරීමේ ක්‍රම, 360 degree virtual tours වැනි නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා මෙම යෙදුම බොහෝ විශේෂාංග ඇතුළත් වෙන බව දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සීබර්ට් මහතා පැවසුවා. 

ජාතික වනෝද්‍යානය පාදක කර ගනිමින් සංචාරක ව්‍යාපාරය සඳහා ඇප් එකක් නිර්මාණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියට සහය වීමට හැකිවීම පිළිබඳව තමන් ආඩම්බර වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

ජර්මානු භාෂාව කතා කරන ප්‍රජාව අතර විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන අතර ජර්මනියෙන් වැඩි වැඩියෙන් සංචාරකයින් ගෙන්වා ගැනීමට එතුමන් කැපවන බව පැවසූවා.

Share.

Comments are closed.