ඉරානයේ Afshin Esmaeil Ghaderzadeh ලොව මිටිම මිනිසා ලෙස ඩුබායිහිදී නව ගිනස් වාර්තාවක් පිහිටුවයි. ඔහුගේ වයස අවුරුදු 21 ක් වන අතර කිලෝග්‍රෑම් 6ක් බරැති වෙනවා.

Afshin Esmaeil Ghaderzadeh ලොව මිටිම මිනිසා සඳහා වූ වාර්තාව (ගිනස් ලෝක වාර්තා (GWR) විසින් තහවුරු කරන ලද පරිදි) සෙන්ටිමීටර 65.24 ක උසකින් බිඳ දැමීය. මීඩියා සිටිහි Radisson Blu හෝටලයේ පැවති උත්සවයකදී GWR නිලධාරීන් මේ බව නිවේදනය කලා.

ඔහු ඔහුගේ උපන් නගරයේ ඉතා ජනප්‍රිය පුද්ගලයකු වන අතර ඔහු සංචාරය කරන සෑම විටම අලුත් මිතුරන් ඇති කර ගන්නවා “මිනිසුන් මා සමඟ කතා කිරීමට සහ මා සමඟ සෙල්ෆි ගැනීමට කැමතියි,” අෆ්ෂින් පවසනවා.

Share.

Comments are closed.