ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (DIFC) අධිකරණය විසින් මෑතකදී පිහිටුවන ලද නව ඩිජිටල් ආර්ථික අධිකරණ (DEC) අංශය මගින් කර්මාන්ත සඳහා  පළමු වරට විශේෂිත රීති මාලාවක් දියත් කරන බව නිවේදනය කලා.

මීට අමතරව, නව අධිකරණ අංශයයේ අති නවීන ඩිජිටල් යටිතල පහසුකම් සහ සේවා හැකියාවන් අධීක්ෂණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර අධිකරණ විශේෂඥයන් බඳවාගෙන තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති සහ අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්, ඩිජිටල් ආර්ථික අධිකරණ අංශය අධීක්ෂණය කිරීමට එංගලන්තයේ සහ වේල්ස්හි විනිසුරු මයිකල් බ්ලැක් පත් කොට තිබෙනවා.

ඩිජිටල් ආර්ථික ආරවුල් විසඳීම, ගතික, කෘතිම බුද්ධිය මෙහෙයවන වේදිකාවක් ඔස්සේ තොරතුරු සැපයීම, ඒ සඳහා ස්මාර්ට් ආකෘතීන් භාවිතය, ප්‍රමිතිගත කිරීම සිදු කරයි. පාරිසරික බලපෑම අවම කිරීමේ අරමුණින් කඩදාසි රහිත අධිකරණ නියෝගයට අනුකූලව, අධිකරණ ක්‍රියාමාර්ගවලදී පාර්ශ්ව කරැවන්ට කඩිනම් සේවා සැපයීම සඳහා උසස් ඩිජිටල් පද්ධති භාවිතය සිදුකරන අතර නඩු ද පවත්වාගෙන යාමද මේ මගින් සිදුකරයි.

2021 දී, DIFC උසාවි විසින් විශාල දත්ත, බ්ලොක්චේන්, කෘතිම බුද්ධිය, ෆින්ටෙක්, සහ ක්ලවුඩ් සේවාවල සිට මිනිසුන් රහිත ගුවන් වාහන සම්බන්ධ ආරවුල් දක්වා එම ගැටළු ආවරනය වන පරිද්දෙන් වර්තමාන සහ නැගී එන තාක්‍ෂණයන්ට අදාළ නවීන ජාතික සහ අන්තර් ජාතික ආරවුල් අධීක්ෂණය කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අධිකරණ අංශය පිහිටුවන ලදී.

Share.

Comments are closed.