අබුඩාබි ගුවන්තොටුපල විසින් දේශසීමා පාලනයේදී නව මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණයක් සඳහා අත්හදා බැලීම් දියත් කොට තිබෙනවා. භෞතික ගමන් බලපත්‍ර නැවත නැවත භාවිතා කිරීම වෙනුවට මෙමගින් මගීන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලීන්හි කාර්යක්ෂමතාව වැඩි කිරීම බලාපොරොත්තු වෙනවා.

සංචාරකයින්ගේ පෝලිම් කාලය අඩු කිරීම සහ වංචා මැඩලීමේ අරමුණින්, ස්මාර්ට් කැමරා සහ ජෛවමිතික තාක්ෂණය භාවිතයෙන් මගීන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ මුහුණේ ලක්ෂණ හඳුනා ගැනීමට පද්ධතිය සැලසුම් කොට තිබෙනවා.

මෙමගින් අදහස් කරන්නේ එක්සත් ජනපද පුරවැසියන්ට අබුඩාබියේ සිටින අතරතුර ‘පූර්ව නිෂ්කාශන සේවාවක්’ ලෙස එක්සත් ජනපද ආගමන පරීක්ෂාවෙන් ඉවත් විය හැකි බවයි.

අබුඩාබි හි පිහිටි කෘතීම බුද්ධි තාක්‍ෂණ සමාගමක් වන NEXT50 විසින් මෙම පද්ධතිය අබුඩාබි ගුවන්තොටු වෙත ලබා දීමට නියමිතයි.

Share.

Comments are closed.