ජූලි-සැප්තැම්බර් කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 11.8% කින් හැකිලී ගොස් ඇති බව රජයේ දත්ත බ්‍රහස්පතින්දා පෙන්නුම් කල අතර, දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින රට සඳහා මෙතෙක් සිදු වූ දෙවන නරකම කාර්තුමය හැකිලීමයි.

ආර්ථික අවපාලනය සහ COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආහාර, ඉන්ධන, පොහොර සහ ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය ආනයන සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් හිඟ වී තිබෙනවා.

රජයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ තුන්වන කාර්තුවේදී කෘෂිකර්ම අංශය 8.7% කින් සහ කර්මාන්ත 21.2 % කින් හැකිලී ගිය අතර සේවා පෙර වසරට වඩා 2.6 %කින් පහත වැටී ඇති බවයි.

“2020 දෙවන කාර්තුවේදී 16.4% ක හැකිලීමකින් පසු කාර්තුවක් තුළ ශ්‍රී ලංකාව අත්විඳින ලද දෙවන නරකම හැකිලීම මෙයයි” යනුවෙන් ෆස්ට් කැපිටල් හි පර්යේෂණ ප්‍රධානී දීමන්ත මැතිව් පැවසුවා.

2022 දී ආර්ථිකය සියයට 8% කින් පමණ හැකිලෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කරනවා.

ඉහළ උද්ධමනය, විදුලි කප්පාදුව, ඉහළ පොලී අනුපාත, ආනයන හිඟය සහ ඉන්ධන සහ පොහොර හිඟය ඇතුළු කරුණු කිහිපයක් පසුගිය කාර්තුවේ වර්ධනයට බලපෑ බව රජය පවසනවා.

“ජනතාවගේ සැබෑ ආදායම අඩුවීම හේතුවෙන් අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවාවල ඉල්ලුම අඩුවීම ආර්ථිකය මෙම පරිහානිය කරා යොමු කර ඇත” යනුවෙන් එහි සඳහන් වෙනවා.

මිලියන 22 ක ජනතාවක් වෙසෙන දිවයිනේ නරකම කාර්යසාධනයන්ගෙන් එකක් වන දෙවන කාර්තුවේ දී ආර්ථිකය 8.4% කින් හැකිලී තිබෙනවා. එය පළමු කාර් තුවේදී 1.6% කින් හැකිලී ගියා.

Share.

Comments are closed.