එළඹෙන 75 වැනි නිදහස් සැමරුම වන විට ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබාදීමට සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අවධාරණය කලා.

අඟහරුවාදා (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ බව යළි අවධාරණය කලා.

ජාතික සංහිඳියාව තුළින් ජනවාර් ගික ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙම සමුළුව කැඳවා තිබුණා.

සර්වපාක්ෂික සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයින් ද දැක්වූ අදහස් පහතින්.

සර්ව පාක්ෂික සමුළුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ

“මේ රටේ ප්‍රශ්නය විසඳීමට අපි සියලු දෙනාම එකතු විය යුතුයි. එය ජනවාර්ගික ගැටලුවක් ලෙස හැඳින්වීම හෝ වෙනත් දෙයක් ලෙස හැඳින්වීම වැදගත් නොවේ. අපට අවශ්‍ය මේ ගැටලුවලට විසඳුම් ලබාදීමටයි. සියලුම දේශපාලන පක්ෂ එකතුවෙලා මේකට විසඳුමක් හොයාගන්​න පාර්ලිමේන්තුවේ එකඟතාවකට ආවා. අද මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ඒ සඳහායි.

උතුරු පළාත් මන්ත්‍රීවරුන් අද රටේ ජාතික ප්‍රශ්නය මතුකර තිබෙනවා. මෙම ප්‍රශ්නය කොටස් දෙකකින් සාකච්ඡා කළ හැකියි.

පළමුවැන්න අතුරුදන් වූවන් සඳහා වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සහ ඒ පිළිබඳ පරීක්ෂණ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් මෙන්ම ඉඩම් සම්බන්ධයෙන්ද විසඳිය යුතු ගැටලු රැසක් තිබෙනවා.

දෙවැන්න බලය බෙදීමට අදාළ නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළයි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අතුරුදන් වූවන් සහ දේශපාලන සිරකරුවන් පිළිබඳ වාර්තාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ බලය බෙදීම ගැන කතා කරන්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නවාස් ප්‍රමුඛ කමිටු වාර්තාව සතියකින් මුද්‍රණය කිරීමට නියමිතයි. එම වාර්තාවට යෝජනා ගණනාවක් ඇතුළත්. අපි කලින් වාර්තාවල යෝජනාත් සලකා බලනවා.”

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි:

“ජිනීවා මානව හිමිකම් කොමිසමේ සාකච්ඡා සහ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර සාකච්ඡා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් යටතේ සිදු කෙරෙනවා.

උගත් පාඩම් කොමිසමේ, උදලාගම කොමිසමේ, පරණගම කොමිසමේ වාර්තා අපි සැලකිල්ලට ගෙන තිබෙනවා. ඒ සියලු වාර්තාවලින් පෙන්වා දුන්නේ රටේ සිදු වූ සිදුවීම්වලට විසඳුම් ලබාදිය හැකි නමුත් විදේශ රටක යාන්ත්‍රණයක් යටතේ මෙම විසඳුම් ලබාදිය නොහැකි බවයි. ඒ අනුව දේශීය යාන්ත්‍රණයක් යටතේ මේ සඳහා විසඳුම් ලබාදෙන බවට අප පොරොන්දු වී තිබුණත් එය ක්‍රියාත්මක වී නැහැ.

ජනාධිපතිවරයාට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නවාස් කොමිසම පත් කලා. ඒ කොමිසමෙන් කළේ පසුගිය කොමිෂන් සභාවල යෝජනා ඇතුළත් කර මේ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමයි. ඒ අනුව මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අපට තිබෙනවා.

ආරක්ෂක අංශ පවා මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඇතැම් ඒකක වෙනස් ලෙස හංවඩු ගසා ඇති බව ආරක්ෂක අංශ පවසයි. සමහර අංශවලට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලටවත් යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ඔවුන් තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අපේක්ෂා කරන අතර, යම් සැක කටයුතු දෙයක් සිදුවී ඇත්නම්, ඔවුන් නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

නමුත් මේ දක්වා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අපට නොහැකි වී තිබෙනවා. අපි හිතනවා දේශීය යාන්ත්‍රණයකින් මේවා විසඳන්න පුළුවන් කියලා. සත්‍ය කොමිසම හරහා මේ සඳහා විසඳුම් සෙවිය හැකියි. අපි මේ ගැන දකුණු අප්‍රිකාව සමඟත් සාකච්ඡා කර තිබෙනවා.

මේ ප්‍රශ්නය විසඳා ගැනීම උතුරට වගේම දකුණටත් ඉතා වාසිදායකයි. අපි මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මෙම කමිටුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර ඇත්තේ හිටපු තානාපතිවරයෙකුයි. එතෙර වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම ඒකරාශී කර ගනිමින් හොඳ යෝජනා රැසක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් රජය ලෙස ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.”

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා:

“ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇතිකිරීමේ කාර්යය අධිකරණ අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. මේ වන විටත් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය අධිකරණ අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබනවා. මෙහි ඇති සියලුම ලිපිගොනු ලබන වසරේ (2023) දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. රු. 100,000 බැගින් අතුරුදන් වූවන් සඳහා වන්දි වශයෙන් පිරිනැමුණා. අපි දැනට දේපල වන්දිය සලකා බලමින් ඉන්නවා.

උතුරේ යුද්ධය නිසා උප්පැන්න සහතික සහ හැඳුනුම්පත් අහිමි වූවන් 11,000කට ආසන්න පිරිසක් සිටියා. ඒවා ප්‍රතිසංවිධානය කිරීමට අපි කටයුතු කළා. අධිකරණ අමාත්‍යාංශය යටතේ උතුරු පළාතේ සමථ වැඩසටහන් රැසක් පැවැත්වුනා. මේ ගැටලු නිරාකරණය වූ විට විදේශගත ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පෙළඹෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. සත්‍ය සෙවීමේ කොමිසම මේ වන විට ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු රජය අපට සහාය දෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“උතුරේ ඉඩම් ගැන ප්‍රශ්න කිහිපයක් මතුවෙලා තියෙනවා. උපදේශකවරයා, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු එම ප්‍රදේශවල මහජන නියෝජිතයන් එක්ව මේ ගැටලුවලට විසඳුම් සෙවීමට බලාපොරොත්තු වෙනවා. දැනට එහි ප්‍රගතියක් ලබා තිබෙනවා. සාකච්ඡා ඉදිරියට යන විට අදහස් ලබා ගත හැකියි. ඒ නිසා තමයි මේ සමුළුව කැඳෙව්වේ සියලු පාර්ශ්වවල අදහස් ලබාගැනීමට. මම යෝජනා කරනවා මේ ප්‍රශ්නයට විසඳුමකට එකඟ වෙන්න කියලා.”

පාර් ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්:

“දෙමළ ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් මෙම ගැටලුව දෙස බලන විට අපට ප්‍රශ්න තුනක් තිබෙනවා. ඉඩම්, අතුරුදහන් වූවන් සහ මෙම ප්‍රදේශවල බොහෝ හමුදා සිටීම. විවිධ දෙපාර්තමේන්තුවලට ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ජනතාවට ගැටලු තිබෙනවා. එය සොයා බැලිය යුතුය. ඒක තමයි මුලින්ම කරන්න ඕන. අපේ මිනිසුන් සම්බන්ධයෙන් ගත් කල, කළ යුතු පළමු හා ඉක්මන්ම දෙය මෙයයි.

දෙවනුව, නීතිමය ප්‍රතිපාදන තිබෙනවා, එය අපට යම් යම් අයිතිවාසිකම් ලබා දෙනවා, විශේෂයෙන් පළාත් සභා. අනෙකුත් පළාත්වලට අදාළව පළාත් සභා සම්බන්ධයෙන් මැතිවරණ නොපැවැත්වීම, එම ප්‍රදේශවල නිලතල දරන්නන් තමන්ට ලබා ගැනීමට අවශ්‍ය වරප්‍රසාද හැර, ප්‍රතිවිපාකවලට උදව්වක් වන්නේ නැහැ. නමුත් අපි ගත්තම අපේ අවශ්‍යතා ගැන බලන්න පළාත් සභා තියෙන්න ඕන. උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතුයි. මේ වන විටත් බොහෝ ඉඩම් පවරා ගනිමින් සිටිනවා, ඒ සියල්ල නීතියට පටහැනිව සිදු කර ඇති අතර, ඇත්ත වශයෙන්ම, විවිධ නඩු විභාග වෙමින් පවතිනවා. ඉතින් ඉඩම් මංකොල්ලකෑමේ ප්‍රශ්නය සහ ඒ සියල්ල ගැන අපි සොයා බැලිය යුතුයි. එබැවින්, අපට දැනටමත් ඇති අයිතිවාසිකම්වලින් සැරසී සිටිය යුතු අතර, ඒවාට ඉඩ සැලසිය යුතු අතර ඒවා ක්‍රියාත්මක කළ යුතුයි.

එබැවින් පළමුවැන්න භූමි තත්වයන් හෝ ගැටළු සම්බන්ධයෙන් වන අතර දෙවැන්න අපට දැනටමත් ක්‍රියාත්මක කළ යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන අතර තෙවනුව ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්.

අතිගරු (ජනාධිපති වික්‍රමසිංහ) විසින් නිවැරදිව පෙන්වා දුන් පරිදි, එම කොටස තුන්වන ස්ථානයට පැමිණේ, නමුත් ලබන වසරේ පෙබරවාරි 4 වැනි දිනට අතිගරු ජනාධිපතිතුමා ලබා දී ඇති කාල සීමාවට අනුකූලව සිටීමට නම්, ඒවා එකවරම නිරීක්ෂණය කළ යුතුය. නමුත් එය කළ නොහැක්කක් නොවේ, මන්ද අප සතුව දැනටමත් ප්‍රමාණවත් ලියකියවිලි, විවිධ කරුණු වලට ගිය ප්‍රමාණවත් කොමිෂන් සභා වාර්තා සහ ඇත්ත වශයෙන්ම සකස් කර ඇති විවිධ කෙටුම්පත් තිබේ. ඉතින් මේ රටට ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පීඩාවට පත් වූවන්ට අයිතිවාසිකම් ලබා දෙන්නේ කොහොමද කියලා බලන්න නම් අපිට තියෙන්නේ වාඩිවෙලා අවසාන ප්‍රතිඵලයක් හදාගන්න එක විතරයි.

අවසාන වශයෙන් මම පෙන්වා දෙන්නම්, උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගත් කල, අපට වසර 3,000 කට වැඩි ඉතිහාසයක් ඇති අතර අපට අපේම කියා භූමියක් තිබෙනවා. අපට භාෂාවක්, සංස්කෘතියක් තිබෙනවා, සමහර විට භූමිය අනෙක් ඒවාට වඩා වෙනස් විය හැකියි. අපිට ඒ අයිතිය දෙන්න ඕන, මොකද 1833 ඉංග්‍රීසීන් මේ රට පරිපාලනමය වශයෙන් එකතු කරලා ඊට පස්සේ, නිදහසේ ඉඳන්ම බහුතර ප්‍රජාවට අඩු වැඩි වශයෙන් පිඟානක දීලා තියෙනවා. අද උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල බහුතර ප්‍රජාවද යුද හමුදාවට යට වී සිටිනවා. මේ සියල්ල අවසන් කර අපට ගෞරවය, සමානාත්මතාවය සහ අනාගතයේ එකම රටක් ලෙස එකට යාමට අවශ්‍ය ව්‍යවස්ථාවක් තිබිය යුතුය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා:

ජනවාර් ගික ප්‍රශ්නය විසඳීමේ කාරණයේදී විධායකය ලෙස තීරණ ගැනීමේ හැකියාව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස් දෙකටම අනුව තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා. දේශපාලන විසඳුමක් ලබාදීමට අවශ්‍ය විසඳුම් තීරණය කරන්නේ විධායකය. නමුත් පරිසරය හා පුරාවිද්‍යාව සම්බන්ධ කාරණාවලදී අදාළ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්:

ජනාධිපතිතුමනි, මෙම රැස්වීම කැඳවීමට ඔබ ගත් මුලපිරීම සාදරයෙන් පිළිගන්නා අතරම, අවම වශයෙන්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිදු කිරීමට නියමිත බලපෑම්වලට පෙර මූලික අදියරක් ලෙස සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ගෙන, මෙම ප්‍රශ්නය ඉතා සරල ලෙස විසඳා ගත හැකි බව අපට හැඟෙනවා.

75 වන නිදහස් දිනයේදී සර්ව පාක්ෂික සමුළුව මගින් නිර්මාණය කළ හැකි ව්‍යුහයක් හරහා අපට වෙනත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා ක්‍රියා කළ හැකි අතර හැකි නම් සිවිල් සමාජයද සම්බන්ධ කර ගත හැකිය. දැනටමත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන වික්ටර් අයිවන් සහ තවත් අය සිවිල් සමාජයේ සමහර අංග සම්බන්ධ ප්‍රශ්නය දෙස බැලීමේ ව්‍යුහයක් සමඟ අප හමුවී තිබෙනවා.

එහෙම කියන ගමන් උතුරු නැඟෙනහිර දෙමළ කතා කරන සමස්ත ජනතාවගේ දුක්ගැනවිලි ගැනත් කෙටියෙන් එකතු කරන්නම්. එදිනෙදා ජීවනෝපාය ගැටලුවලට යුද හමුදාව විසින් පමණක් නොව රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, විශේෂයෙන්ම වනජීවී, වන හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු හරහා ඉඩම් කොල්ලකෑම් විශාල වශයෙන් බලපා තිබෙනවා. හුදෙක් මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව සිංහල ප්‍රජාවට සහ දිවයිනේ තවත් සමහර ප්‍රදේශවලට ද බලපාන නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා.

ඒ නිසා විශේෂයෙන්ම ඔබ ප්‍රශ්න ගැන කතා කරන විට, මෙම ප්‍රශ්න මතු කර නැවත පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වෙනත් ප්‍රශ්නවලට පැමිණීමට සිදුවේ. ඇතැම් ආගමික ආයතන සහ දේපළ රජයට පවරා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. පොලිසිය සිටින නිසා ප්‍රදේශයේ ප්‍රජාවන් එයට ඉඩ දෙනවා.

මෙම ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය ආගමික නායකයන් සමඟ එය විසඳා ගැනීමට ක්‍රමයක් සොයා බලන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. සමාජය සමඟ මේ අපගමනය සිදුවෙමින් පවතින බව අපි දන්නවා. මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපි සියලු දෙනාම රාජ්‍යය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටිනවා. සහරාන් හෂීම් ඇතුළු පිරිසට අයත්ව තිබූ දේපළ පමණක් නොව රාජසන්තක කරන තවත් ආගමික ස්ථානද ඇතැම් ඉඩම් ආපසු ලබා දීම ගැනත් බලන්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“යම් ආගමික ස්ථාන තර්ජනයට ලක්ව ඇත්නම් කරුණාකර අපට දන්වන්න. මම හිතන්නේ අද අපි සමහර මුස්ලිම් සංවිධාන දිහා බලලා ඒ තහනම ඉවත් කළා.”

පාර් ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා:

දෙමළ ප්‍රජාව වෙනුවෙන් කතා කිරීමට මට අයිතියක් ඇති බව මම තරයේ විශ්වාස කරන්නේ වසර 45කට වැඩි කාලයක් මම ඒ සඳහා සම්බන්ධ වී සිටින බැවිනි. ඒ නිසා මට කතා කරන්න අයිතියක් තියෙනවා. පළමුව, ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා සමඟ මම එකඟ වෙනවා, දැන් සංහිඳියාව ගැන කතා කරනකොට ඒක ජාතික සංහිඳියාව කියලා නම් කරන්න ඕන. එදා තමයි මම දේශපාලන ප්‍රවාහයට අවතීර් ණ වුණේ.

ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමෙන් පසුව දෙමළ ප්‍රජාවට ඕනෑ තරම් අවස්ථා තිබුණා. අවාසනාවකට ඔවුන් එය වැරදි ලෙස භාවිතා කර තිබෙනවා. ඒ ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා. ඒ නිසා අපි 13 වැනි සංශෝධනයෙන් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. 13 වැනි සංශෝධනයෙන් දේශපාලන විසඳුමකින් ආරම්භ කළ යුතු බව පසුගිය වසර 35 පුරාවටම අපි පෙනී සිටියා. පළමුව, අපි සියලු ජන කොටස් සමඟ සංහිඳියාව ආරම්භ කරමු, පසුව අපි තවත් ඉදිරියට යමු, මගේ සගයන් වන සිද්ධාර්ථන් සහ සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරු එයට මුල සිටම සම්බන්ධ වුනා.

අපි ඔවුන් සමඟ සාකච්ඡා කර ඇති අතර ඔවුන් ද 13 වැනි සංශෝධනයෙන් ආරම්භ කිරී​මේ මෙම අදහසට එකඟ වුනා. අපට නව ව්‍යවස්ථාවකට යාමට අවශ්‍ය නැත, මන්ද ඔබට නව ව්‍යවස්ථාවකට යාමට අවශ්‍ය නම් අපට තුනෙන් දෙකක බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වේ. මේ මොහොතේ මේ රටට එය කළ නොහැක්කක්. මුලින්ම අපි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමෙන් ආරම්භ කරන අතර ඒ හරහා අපට සියලු ප්‍රශ්න විසඳා ගත හැකියි. දැන් අතිගරු ජනාධිපතිතුමා රටටත් ජනතාවටත් තවත් ස්වර්ණමය අවස්ථාවක් ලබා දී තිබෙන නිසා අපි එය ප්‍රයෝජනයට ගත යුතුයි. මෙය මගේ ශක්තිමත් දැක්මයි. නැවතත්, මම තරයේ කියා සිටින්නේ මට මෙම ප්‍රශ්න ගැන කතා කිරීමට අයිතියක් ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

“යුද්ධයත් එක්ක අපේ ගෙවල් කැලෑවෙන් වැහිලා. නමුත් දැන් අපේ ඉඩම් වනජීවී දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත ඉඩම් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිතුමනි, වසර 30ක් පැවැති යුද්ධයේදී ඒ ප්‍රදේශවල ජනතාව සිටියේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශ කැලෑවෙන් වැසී තිබුණා. ඒ නිසා අපේ ඉඩම් බේරා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“ඉඩම් අමාත්‍යාංශය සහ වනජීවී අමාත්‍යාංශය එක්ව එම ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. නමුත් ලංකාවේ භූමි ප්‍රමාණයේ 32% වනාන්තර තිබිය යුතුයි. ඉන් පිටත කොටස් සොයාගෙන සැපයිය හැකියි. 75 වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ අපි එකම ජාතියක් ලෙස ඉදිරියට යා යුතුයි.

නැවතත් යුද්ධයක් ඇති විය හැකි බවට ප්‍රජාවට විශාල සැකයක් තිබෙනවා. දෙමළ මන්ත්‍රීවරුන් පවසන්නේ තමන් යුද්ධය පිළිබඳ අදහස අත්හැර ඇති බවයි. ඒ නිසා අපි එකිනෙකා සමඟ සාකච්ඡා කර එක වේදිකාවක සිට මේ ප්‍රශ්න විසඳා ගත යුතුයි.”

පාර් ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා:

“මෙම ගැටලුව විසඳීමට පළමු දෙය අවංක විය යුතුය. හොඳම උදාහරණය නම් නීති සිසුන්ට තම මව් භාෂාවෙන් නීතිය හැදෑරීමට ඇති අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලියක නිරත වීමයි. එවැනි අවස්ථාවක අපට විසඳුම් සෙවිය හැකිද?

පාර් ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්:

“අපි යෝජනා කරනවා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි කියලා. අපගේ අදහස වන්නේ පළාත් සභාවලට පැවරී ඇති බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ සංහිඳියාව ආරම්භ කළ යුතුයි.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ප්‍රශ්නය විසඳීමට පෙර අප මෙහි සාකච්ඡා කරන ප්‍රශ්න විසඳීමට ඔබ විරුද්ධද? අපි පාර්ලිමේන්තුවේදී එකඟ වුණා මුලින්ම මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න; ඒ අනුව කටයුතු කරමු.

ඊට අමතරව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමඟ කරන ගණුදෙනු පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි බලන්න ඕනේ හැමෝම ඒවට එකඟද කියලා. ලෝක බැංකු​ව සහ IMF මෙහි වර්ධනයන් නිරීක්ෂණය කරන බැවින් විරෝධයක් තිබේ නම්, ගැටළුවක් තිබෙනවා.

ඔවුන් අප වෙත ඉදිරිපත් කර ඇති සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව බැංකු ජාලයේ වත්මන් තත්ත්වය මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව අපි සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා කරන ඒ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් නම් අපි පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ඕනෑ. ඒ සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබෙනවා.

ආර්ථිකය සම්බන්ධයෙන් ද මෙවැනිම සමුළුවක් පවත්වා ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ විධායකයට පැවරී ඇති බලතල සමඟින් විසඳිය යුතු කරුණු කිහිපයක් ඇති බවයි. 13 වැනි සංශෝධනය සහ බලය බෙදීම ගැන පසුව කතා කරමු. මීළඟ සාකච්ඡා වටය ලබන වසරේ ජනවාරි මාසයේ පවත්වමු. සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳුමක් දෙනවාද නැද්ද කියලා තීරණයකට එන්න පුළුවන්. ලබන පෙබරවාරියේ ආර්ථිකයට අදාළ කරුණු සාකච්ඡා කරමු.”

පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්

ජනාධිපතිතුමා ම​ම මෙය පැහැදිළි කර දෙන්නම් – ඔබතුමාගේ මූලික ආරාධනය පාර්ලිමේන්තුවේදී අපට කළ පසුපාර්ශව පහක් මේ කරුණු සාකච්ඡා කළ අතර අපි අවධානය යොමු කළ යුතු අංශ තුනක් හඳුනා ගත්තා.

ඔබ ක්ෂනික ප්‍රශ්න නිවැරදිව කීවාක් මෙන්, අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ඉඩම් ප්‍රශ්න කෙරෙහි නමුත් නිසැකවම සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදහන් වූවන් සඳහා යුක්තිය ඉටු කිරීමේ යාන්ත්‍රණය ද තීරණාත්මක යි.

ඒ ගැන කතා කරන්න ඇමැතිවරු දෙන්නටම ආරාධනා කිරීම ගැන මම සතුටු වෙනවා. එබැවින් එය කළ යුතු අතර, ඒ ආකාරයෙන්, අපට වහාම ආරම්භ කළ හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට කිසිදු ප්‍රධාන සංශෝධන නොමැතිව බලය බෙදාගැනීම සම්බන්ධයෙන් වෙනත් නීති ක්‍රියාත්මක කළ යුතු අතර පළාත් සභා මැතිවරණ පැවැත්විය හැකිය. ඒ සඳහා, ඔබට වෙනත් ක්‍රියාවලියක් අවශ්‍ය නොවේ, ක්‍රියාත්මක කිරීම් පමණයි අවශ්‍ය වන්​නේ.

දැන් මට පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ මෙය එකවර ආරම්භ කළ හැකි බවයි. නීතිය ක්රියාත්මක කිරීම ආරම්භ කිරීම සඳහා ඉඩම් ගැටළු විසඳන තෙක් ඔබ බලා සිටිය යුතු නැත. දෙකම එකවර සිදු කල හැකියි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති පරිදි ‘13+’ ද එකවර ආරම්භ කළ හැකියි.

අප එකඟ වූ පරිදි ඔබ අද මෙම යාන්ත්‍රණ තුන ආරම්භ කළහොත්, ක්ෂණික ගැටළු, නීති ක්‍රියාත්මක කිරීම සහ අප ඉදිරියට යායුතු ආකාරය අවසන් කළ හැකියි. පසුගිය පාර්ලිමේන්තුවේ ඔබතුමා අගමැති වෙලා ඉන්නකොට 2019 ජනවාරියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කරන තැනට අපි බොහෝ දුර ගියා.ඒක අවසන් කරන්නේ කොහොමද? ජනාධිපතිවරයා විසින්ම නියම කර ඇති කාල සීමාවට පෙර මේ සියල්ල සිදුවිය හැකි යැයි මම විශ්වාස කරමි. අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ නොහැක, පැහැදිලිවම, නමුත් එය කුමක්ද යන්න පිළිබඳව අපට එකඟ විය හැකිය.

ඉතින් ජනවාරි 31 වන විට ඔබට සමාන්තර මාර්ග තුනක් තිබේ නම් අපට ඔව්, අපි මෙහි පැමිණියෙමු, මේ දේවල් විසඳා ඇත, අපි මැතිවරණය පැවැත්වීමට එකඟ වී, සියලු නීති ක්‍රියාත්මක කිරීමට සහ අවසාන විසඳුම්වලට එකඟ වී​ය යැයි කියන තැනට යා හැකියි. 75 වැනි නිදහස් දිනය ඔබ අපේක්ෂා කරන්නේ එවිටයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“මම අදහස් කළේ අපි මේ කරුණු තුනෙන් පටන් ගෙන අද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හෝ වෙලාවක් නැතිනම් අපි ජනවාරියේ රැස්වන විට බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඒකේ අනුපිළිවෙලක් තියෙන්න නෙවෙයි, සාකච්ඡාවේදී අපි මුලින්ම මේ ක්ෂණික ප්‍රශ්න අරගෙන, ඊට පස්සේ 13 වැනි සංශෝධනයට යමු, අද වෙලාවක් නැත්නම්, අනිවාර්යයෙන්ම ජනවාරි, මම කිව්වා වගේ දවසින් දවස බලන්නත් පුළුවන්. එය හරහා. එය කල් දැමීමෙන් පලක් නැත. එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින්, අපි එකඟතාවයකට පැමිණෙමු, නැතහොත් අපට එකඟතාවයකට පැමිණිය නොහැකි යැයි කියනු ඇත – දෙකෙන් එකක් – එබැවින් ප්‍රතිපාදනයෙන් පසු අපි රැස් වූ විට මට නැවත පාර්ලිමේන්තුවට වාර්තා කළ හැකිය.

පාර් ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්:

“මම කියන්නේ ජනවාරි 31 ට කලින් මේක කරන්න පුළුවන්”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

“අද සාකච්ඡාව ඉතා වැදගත්. මෙම වැඩසටහන සඳහා අපට කාල රාමුවක් තිබීම ගැන මම සතුටු වෙනවා. අරමුණක් ඇතිව මෙවැනි වැඩපිළිවෙළක් රටට විශාල ප්‍රයෝජනයක්. රටක ආර්ථික සංවර්ධනයට සමගිය වැදගත්. දේශපාලනයේ දී කුල, ආගම් භේද යොදා නොගත යුතුයයි කිය​න තරමට විවිධ ජන කොටස්වල ජනතාව රටේ එක හා සමානව ජීවත් වෙනවා. එවැනි ක්‍රියා දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි.

ඒ නිසා එවැනි මතභේද ඉවත් කර සංහිඳියාව ඇති කළ හැකි අතර, ජාතිවාදයෙන් මිදිය යුතු අතර, නැතිනම් අනාගතයට අලුත් ලෝකයක් නිර්මාණය කිරීමට අපට නොහැකි වනු ඇත. සියලුම ප්‍රජාවන්ට එක හා සමානව සලකන බවට සියලු දෙනාටම හැඟීමක් තිබිය යුතු අතර අපට මේ සියලු ගැටලු දේශීය​ව හැදූ යාන්ත්‍රණයකින් විසඳා ගත හැකියි. අපි මේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන නිසා එය දිගටම කරගෙන යන බවට අපි සහතික විය යුතුයි. ඒ නිසා මේ සර්ව පාක්ෂික සමුළුව සාර්ථක කර ගැනීමට අපි සියලු දෙනාම එකතු විය යුතුයි.”

සංහිඳියාව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුද අගය කළහ.

Share.

Comments are closed.