පවතින ආර්ථික ව්‍යසනය හමුවේ මේ වසරේ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනා සීමා කරන ලෙස මහා භාණ්ඩාගාරය විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා.

භාණ්ඩාගාරයට අනුව රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින්ට බෝනස් ගෙවීම සීමා කර තිබෙනවා.

රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සමාගම්වල සේවකයින් සඳහා රුපියල් 25,000 ක උපරිම සීමාවකට යටත්ව ප්‍රසාද දීමනාව ගෙවිය හැකි බව ද මහා භාණ්ඩාගාරය දන්වා සිටී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මිලියන 1.5 කට අධික සේවක පිරිසක් සිටී. නිදහසින් පසු වසර 74ක ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදය මධ්‍යයේ ඔවුන් මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය බහුතර ජනගහනයට අසාධාරණයක් බව බොහෝ ආර්ථික විද්‍යාඥයන් අදහස් පළ කළහ.

“රජය ජනතාවට ආදර්ශවත් විය යුතුව තිබුණා. මෙය බලාපොරොත්තු සුන් කරවන සුළුයි, ” ඔවුන් ප්‍රකාශ කොට තිබුණා.

Share.

Comments are closed.