ඇබකස් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර ගණිත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනා දීමට එම තරගාවලියට සහභාගී වූ ශිෂ්‍යයන් 18 දෙනාම සමත් වී සිටි අතර ඔවුහු එම පදක්කම් රැගෙන අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය තායිවානයේ තායිපේ නුවර ඉකුත් දෙසැම්බර් 8 සිට 20 වෙනිදා දක්වා පවත්වා තිබුණි. ඇබකස් ඔලිම්පියාඩ් තරගාවලිය වයස් කාණ්ඩ අනුව පැවැත්වෙන ලෝකයේ වේගවත්ම ගණිත තරගාවලිය ලෙස හැදින්වේ.

ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන්, ගුරුවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

Share.

Comments are closed.