රියදුරන් රහිත කුලී රථ 2023 වසර අවසන් වන විට ඩුබායි මාර්ගවල ධාවනයට යෙදීමට ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය බලාපොරොත්තු වෙනවා.

මෙම රියදුරන් රහිත මෝටර් රථ ගැන මුලින්ම වාර්තා වුනේ මෙම වසරේ මාර්තු මාසයේදීය. මෙම උපාය මාර්ගය 2030 වසර වන විට ඩුබායිහි ප්‍රවාහන සංචාරවලින් සියයට 25ක් රියදුරන් රහිත සංචාර බවට පත් කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප සභාපති සහ ඩුබායි පාලක අති උතුම් ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ අදහසයි. 

අවම වශයෙන් මෙම අනාගත ස්වයංක්‍රීය කුලී රථ 10ක් පමණ 2023 අග භාගයේදී මගීන් රැගෙන යාම සදහා ධාවනයට යෙදීමට බලාපොරොත්තු වෙනවා. 

මෙම රියදුරන් රහිත මෝටර් රථ සංවේදක, කැමරා සහ පරාස නිර්න පද්ධති – ලේසර් ස්කෑනිං තාක්ෂණය මගින් මාර්ග තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ මිනිස් ඇසට නොපෙනෙන වස්තූන් සමග ගැටීමෙන් වළක්වා ගැනීම සඳහා පාලනයන්ගෙන් සමන්විත වෙනවා.

ස්මාර්ට් ඩුබායි සංකල්පය යටතේ තිරසාර සංචලනයේ ලොව ප්‍රමුඛතම නගරය බවට පත් කිරීම මෙම පියවරේ අරමුණයි.

පසුගිය ජූලි මාසයේදී ප්‍රවාහන අධිකාරිය විසින් රියදුරන් රහිත මෝටර් රථ සඳහා සූදානම් වීම සඳහා ඩුබායිහි මාර්ග සිතියම්ගත කිරීම ආරම්භ කරන ලදී. 

Share.

Comments are closed.