එක් නේවාසික ඒකකයකට පුද්ගලයින් සංඛ්‍යාව සීමා කිරී​මේ නීතිය අනුගමනය කරන ලෙස අධිකාරිය පුරවැසියන්ගෙන්, දේපළ වෙළඳාම් හිමියන්ගෙන් සහ ව්‍යාපාරවලින් ඉල්ලා සිටිනවා.

අබුඩාබියේ මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) බ්‍රහස්පතින්දා ‘ඔබේ නිවස, ඔබේ වගකීම’ නමින් ව්‍යාපාරය ආරම්භ කළේ නේවාසික ප්‍රදේශවල තදබදයට එරෙහිව සටන් කිරීම සඳහා යි.

2023 පළමු කාර්තුවේදී ආරම්භ වන පරීක්ෂණ ව්‍යාපාරවල කොටසක් ලෙස සලකනු ලැබෙනවා. මෙම නීතිය උල්ලංඝනය කරන්නන්ට ඩිරාම් මිලියනයක් දක්වා දඩ නියම කිරීමට නියමිතයි.

2019 අංක 8 දරන නීතියට අනුව, නේවාසික ඒකකයක් එහි ප්‍රදේශයට හා සපයා ඇති පහසුකම්වලට සමානුපාතික නොවන ආකාරයෙන් පදිංචි​ව සිටින විට ජනාකීර්ණ ලෙස සලකනු ලැබේ.

අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය සමඟ සහයෝගයෙන් දියත් කරන ලද මෙම ව්‍යාපාරය, එමිරේට්ස් හි ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ජනාකීර්ණ වීමේ අහිතකර බලපෑම් වලින් ප්‍රජා සාමාජිකයින් ආරක්ෂා කිරීම අරමුණු කරයි.

එමිරේට්ස් මහ නගර සභා තුනේ පරීක්ෂකවරුන් විසින් පරීක්ෂණ ව්‍යාපාර මෙහෙයවනු ලැබේ.

දඩය සදහා වට්ටම්

මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වට්ටමක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම නීතිය උල්ලංඝණය කරන්නන් දින 60 නොඉක්මවන කාල සීමාවක් තුළ ගෙවන්නේ නම් පරිපාලන දඩයෙන් සියයට 75 ක් ගෙවිය හැක.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී මානුෂීය තත්වයන් සලකා බැලීම සහතික කරන බව DMT වැඩිදුරටත් පවසා තිබෙනවා.

Share.

Comments are closed.