ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය හා අනුබද්ධ ශ්‍රී ලංකා සංස්කෘතික අධ්‍යාපන කේන්ද්‍රය මගින් එහි දහම් පාසල් සිසුන් සඳහා සංවිධානය කරනු ලබන සීල සමාදාන පිංකම දෙසැම්බර් 25 වෙනි ඉරිදා අ​ද සිදුකරනු ලබනවා.

පින්බර වස්සාන කාලය අවසානයේ  දහම් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම ශීල ව්‍යාපාරය පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙනවා.

මෙහිදී ධර්ම අනුශාසනාව සහ ධර්ම සාකච්ඡාව සිදුකරනු ලබන්නේ – තලවතුගොඩ ‍‍ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සහ ඩුබායිහි ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කථිකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසිනි.

ධම්ම දේශනය සහ සාකච්ඡාව පවත්වනු ලබන්නේ – ඩුබායිහි ලංකාරාමවාසී, ත්‍රිපිටකාචාර්ය, විනය විශාරද කථිකාචාර්ය පූජ්‍යපාද  නාමල්ගමුවේ විජයසීල ස්වාමීන්වහන්සේ විසිනි.

මෙම සීල සමාදාන පිංකම මගින් සියළුම දරුවන්ට උපෝසථ අෂ්ටාංග සීලය සමාදන්වීමට සහ නවක දරුවන්ට අටසිල් සමාදන්වීම පුහුණු වීමට ලැබෙන අනගි අවස්ථාවක් වෙනවා.

Share.

Comments are closed.