ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ මද්‍යම රාත්‍රියේ උදාවුනා.

සමස්ත ලෝකවාසීන්ට ගැලවීම ලබාදීම සඳහා දෙව්පුත් ජේසු බිලිදානන් මනුෂ්‍යත්වය ගැනීම සිදුවූයේ මීට වසර 2022 කට පෙර දිනකයි. බෙත්ලෙහෙම් පුරවරයේ දිළිඳු ගවලෙනක් තුල සාමයේ පණිවුඩයත් රැගෙන් සිදුවූ කිතුනු උපත නත්තල ලෙස අර්ථ ගැන්වෙනවා. ඒ අනුව ලොවට ආලෝකය රැගෙන තවත් අසිරිමත් නත්තලක් මීට පැය කීපයකට උඩදී උදාවුනා.

ඩුබායි රාජ්‍ය තුලද එහි වෙසෙන කිතුනු බැතිමතුන් වෙනදා මෙන්ම මේ වසරේදීත් උදාවෙන නත්තල උත්කර්ෂවත්ව සමරනු ලබනවා.

ශ්‍රි ලාංකික කිතුනු බැතිමතුන්ද මෙම නත්තල උදාවන අවස්තාවේදී විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වීමට තම දේවස්ථාන ගොස් සිටියා. නත්තල් අසිරිය ඔප්නන්වන්නට ශ්‍රි ලංකාවාසීන් විසින් සංවිධානය කරන ලද කැරොල් ගීත සහ සංදර්ශන විවිධ ස්ථානයන් හිදී එලි දැක්වීමට බලාපොරොත්තු වෙනවා.

ජාති ආගම් භේධයකින් තොරව ඩුබායි රාජ්‍ය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග විජාතිකයින්ද එකට අත්වැල් බැඳගෙන නත්තල් සැමරීම නත්තල තවත් අර්ථ ගන්වනවා.

Share.

Comments are closed.