එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශවලට සෙනසුරාදා සැහැල්ලු හෝ මධ්‍යස්ථ වර්ෂාපතනයක් ඇති වූ අතර අඩු වායු පීඩනය සහ වර්ෂාව බදාදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ ඒජන්සිය අනතුරු අඟවනවා.

ගංවතුර සහ වැසි ජලය එක් රැස්ව ඇති ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස කාලගුණ මධ්‍යස්ථානය ජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නැගෙනහිර, උතුර සහ වෙරළබඩ ප්‍රදේශවලට වර්ෂාපතනයක් ඇති වුවහොත් ආරක්ෂිත පියවරක් ගන්නා ලෙස ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන්ට දැනුම් දෙයි. 

ගිගුරුම් සහ අකුණු සමඟ විවිධ තීව්‍රතාවයෙන් යුත් වැසි සහිත සංවහන වලාකුළු සමඟ අස්ථායී කාලගුණයෙන් රටට බලපානු ඇත. උෂ්ණත්වය පහත වැටීමක් අත්විඳිය හැකි බවද මධ්‍යස්ථානය පවසනවා.

සෙනසුරාදා, රසල් කයිමා, ෆුජයිරා, සාජා සහ ඩුබායි යන ප්‍රදේශවලට මධ්‍යස්ථ වර්ෂාපතනයක් ඇති වූ අතර සමහර ප්‍රදේශවල ගංවතුර ඇති වී තිබෙනවා.

Share.

Comments are closed.