සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඩුබායි පොලිසිය, පසුගිය වසර තුන තුළ සමාජ මාධ්‍ය වේදිකාවල රථවාහන සම්භන්​ධ ප්‍රචාරණයන් සමඟින් පුද්ගලයින් 10,140,892 දෙනෙකුට ප්‍රතිලාභ ලබා දී තිබෙනවා.

පාසල් ප්‍රදේශවල ඇතිවිය හැකි හදිසි දරුණු අනතුරු වල සිට සාමාන්‍ය ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරමින් පොලිස් අධිකාරිය විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් මෙලෙස දියත්කො​ට තිබෙනවා.

ඩුබායි පොලිසියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල් මාරි විසින් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ රථවාහන අංශයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පරීක්‍ෂණයේදී මෙම සංඛ්‍යාලේඛන අනාවරණය කලා.

පදිකයින්ගේ ආරක්ෂාව, හදිසි ධාවන අනතුරු, ජීවිතයට තර්ජනයක් වන වේගය, ආරක්ෂිත දුරක් පවත්වා ගැනීමට අපොහොසත් වීමේ භයානක ප්‍රතිවිපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය වසරේ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව ලුතිනන් ජෙනරාල් අල් මාරි දැනුවත් කරන ලදී. පාසල් ප්‍රදේශවල ආරක්ෂාව සහ විශේෂ අවස්ථා වලදී ආරක්ෂිත රිය පැදවීම. මාර්ග නීති සහ රෙගුලාසි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ දේශන මගින් පසුගිය වසරේ අඛණ්ඩව මෝටර් රථ රියදුරන් 147,561 ක් සහ ප්‍රතිලාභීන් 68,921 ක් මෙමගින් දැනුවත්වී ඇත.

Share.

Comments are closed.