සාජා සැට් 1 චන්ද්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදයේ Florida හි Cape Canaveral හි SpaceX Falcon 9 රොකට්ටුවේ ආධාරයෙන් ජනවාරි 3 වන අඟහරුවාදා අභ්‍යවකාශ ගත කිරී​​ම, සාජා හි නියෝජ්‍ය පාලක සහ සාජා විශ්ව විද්‍යාලයේ සභාපති ෂෙයික් සුල්තාන් බින් අහමඩ් බින් සුල්තාන් අල් කාසිමි අභ්‍යවකාශ විද්‍යා සහ තාක්ෂණ පිළිබඳ සාජා ඇකඩමියේදී සජීවී විකාශනයක් හරහා දියත් කලා.

සාජා හි නියෝජ්‍ය පාලකයා “Sharjah Sat 1” චන්ද්‍රිකාව සාර්ථකව දියත් කිරීම පිළිබඳව උත්තරීතර කවුන්සිලයේ සාමාජික සහ සාජාහි පාලක අති උතුම් ආචාර්ය ෂෙයික් සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමිට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයට සුබ පැතුවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අභ්‍යවකාශ ගවේෂණ සඳහා සාර්ථක සහ ස්ථාවරව පියවර ගෙන ඇති බව අවධාරණය කළේය. විවිධ මෙහෙයුම් හරහා අද දින සිට “Sharjah Sat 1” මගින් සහය ලබා දෙන අතර විශ්ව විද්‍යාලය, මානව වර්ගයාට සේවය කරන විද්‍යාත්මක හා පර්යේෂණ ව්‍යාපෘති ස්ථාපිත කිරීමට අඛණ්ඩව වෙහෙස මහන්සි වී වැඩ කරන බවත් විශ්ව විද්‍යාල සිසුන්ට සහ පර්යේෂකයන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන බවත් පෙන්වා දුන්නා.

ෂෙයික් සුල්තාන් පැවසුවේ, “අපි අපේ වසර ආරම්භ කරන්නේ අභ්‍යවකාශයට ළඟා වීමෙන් වන අතර, තාරකා විද්‍යාව, අභ්‍යවකාශ විද්‍යාව සහ තාක්‍ෂණය සඳහා වන සාජා ඇකඩමියේ ප්‍රයත්නයන් අපි ප්‍රශංසාවට ලක් කරන අතර, “Sharjah Sat 1” නිම කිරීමට කටයුතු කළ එමරාති ඉංජිනේරුවන් සහ පර්යේෂකයන් ගැන අපි ආඩම්බර වෙමු” යනුවෙනි.

සාජා හි නියෝජ්‍ය පාලකයා මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඇකඩමියේ ඉංජිනේරුවන්ට සුබ පැතූ අතර ඉදිරි ව්‍යාපෘති සාර්ථක වේවායි ප්‍රාර්ථනා කලා.

Share.

Comments are closed.