ඩුබායි මෝටර් රථ හිමියන්ට දැන් කුඩා රථවාහන අනතුරු සහ නොදන්නා පාර්ශ්වයකට එරෙහිව අනතුර සම්භන්ධ​ව Enoc සේවා ස්ථානවල​ට වාර්තා කළ හැකියි. ඩුබායි පොලිසිය මෙය දියත් කළේ “On-The-GO” වැඩසටහනේ 4 වන අදියරේ එක් පියවරක් ලෙසයි.

රියදුරන් පොලිස් ස්ථානයකට යනවා වෙනුවට සුළු අනතුරු වාර්තා කිරීමට සහ නාඳුනන පාර්ශ්ව වලට එරෙහිව වාර්තා කිරීමට හා විනාඩි කිහිපයකින් අනතුරු වාර්තා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

‘On-The-Go’ වැඩසටහනේ සභාපති ලුතිනන් Majid Al Kaabi පවසන පරිදි, “එය රථවාහන ගමනාගමනය පවත්වාගෙන යාම සඳහා පොලිස් මුර සංචාරවලට සහාය වන අතර, ඩුබායි පොලිසියේ හවුල්කාරිත්වය සහ පුද්ගලික අංශය සමඟ සහයෝගීතාවය ශක්තිමත් කරයි.”

Al Kaabi තවදුරටත් පැවසුවේ, “මෙම මුලපිරීම ප්‍රජාවගේ ජීවන රටාව වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ සතුට උපරිම කිරීම සඳහා වන රජයේ අරමුණු වලට ප්‍රතිචාරයක්  ලෙසයි.”

Share.

Comments are closed.