එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රට පුරා පහත් බිම් කිහිපයක ගංවතුර ඇති විය. වර්ෂා කාලවලදී ගංවතුර ඇති ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙස බලධාරීන් විසින් නිවැසියන්ට අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබුනා. එහෙත් සමහර රියදුරන් තම ජීවිතය පරදුවට තබා ජලයෙන් යටවී ඇති මාර්ගවල ගමන් කිරීමට උත්සාහ දරනවා.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් බෙදාහැරි වීඩියෝ ගනනාවක දැක්වෙන්නේ වේගයෙන් ගලා යන ජලයට ගසාගෙන යාමේ සම්භාවිතාව ඉතා ඉහල ගංවතුර සහිත මාර්ග හරහා වාහන ධාවනය කරන ආකාරයයි.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සහ පොලිසිය වැනි බලධාරීන් දැනටමත් උපදේශන නිකුත් කර ඇති අතර, අස්ථාවර කාලගුණික තත්ත්වයන් රට ග්‍රහණය කර ගන්නා විට ප්‍රවේශම් වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් කඳුකර ප්‍රදේශවල ගංවතුර අවදානම පෙන්වන වීඩියෝ ද පළ කර ඇති අතර ජනතාව විමසිලිමත් වන ලෙසත් එවැනි ප්‍රදේශවලින් ඈත් වන ලෙසත් ඉල්ලා සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇති අතර කාලගුණික විචලනය හේතුවෙන් ප්‍රවේශම් වන ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, විවිධ ප්‍රදේශවලට මධ්‍යස්ථ හෝ තද වැසි අපේක්ෂා කෙරේ. කාලගුණික තත්ත්වය සති අන්තය පුරාවටම පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Share.

Comments are closed.