සංචාරක, දේපළ වෙළඳාම් සහ ආර් ථික සංවර්ධනය පිළිබඳ ප්‍රමුඛ ගෝලීය උපදේශකයෙකු විසින් ඩුබායි 2023 වසරේ ලොව හොඳම නගර වාර් තාවේ ලොව පළමු කලාපීය සහ පස්වන හොඳම නගරය ලෙස ඩුබායි ශ්‍රේණිගත කොට තිබෙනවා.

Resonance Consultancy මගින් කර ඇති මේ ගෝලීය නගර ශ්‍රේණිගත කිරීම මිලියනයකට වඩා වැඩි ජනගහනයක් සිටින, ප්‍රදේශ 24 ක් ප්‍රධාන කාණ්ඩ හයකට කාණ්ඩ කොට ප්‍රදේශයේ සහ අමුත්තන්ගේ ස්ථානය, නිෂ්පාදන, වැඩසටහන්කරණය, සමෘද්ධිය, මිනිසුන් සහ උසස්වීම් යන අංශ සංඛ්‍යානමය කාර්ය සාධනය සහ ගුණාත්මක ඇගයීම් භාවිතය යන අංග ආශ්‍රයෙන් කොට ඇ​ත.

කාලගුණය, ආරක්ෂාව, බිම් සලකුණු සහ එළිමහන් ක්‍රියාකාරකම් ඇගයීමට ලක් කරන කාණ්ඩයේ ඩුබායි පළමු ස්ථානයට පත් විය.

Resonance Consultancy හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Chris Fair පසුගිය මාස 24 තුළ ඩුබායි “torrent of city-building” ලෙස හැඳින්වූවා.

ඩුබායි සතු ඉහළ අත්දැකීම්, අරාබි උරුමය සහ සුඛෝපභෝගී සාප්පු සවාරි යන ආකර්ෂණීය සම්මිශ්‍රණයක් ලෙස ප්‍රශංසා කලා.

“ඩුබායි යනු සුපිරි නගරයකි: ඔබට කුරුල්ලන්ගේ ඇසට පෙනෙන පරිදි ලොව උසම ගොඩනැගිල්ලේ මුදුනට සෝපානයෙන් ගමන් කළ හැකිය, සහ ලෝකයේ ධනවත්ම අශ්ව තරඟයේ පෝනියන් මත ඔට්ටු අල්ලන්න,” වාර් තාව තවදුරටත් පවසනවා.

වාර් තාවේ ඉස්මතු කර ඇති ඩුබායි හි සන්ධිස්ථාන සහ ආකර්ශනීය ස්ථාන අතර ඩීප් ඩයිව් ඩුබායි – ලොව ගැඹුරුම තටාකය, ඩුබායි මෝල්, බර් ජ් කලීෆා, අනාගත කෞතුකාගාරය, මොහොමඩ් බින් රෂීඩ් පුස්තකාලය, ඩුබායි ක්‍රීක්, ද පාම්, Ain Dubai, සිටිලන්ඩ් මෝල්, Aura Skypool – ලෝකයේ පළමු සහ ඉහළම අංශක 360 අනන්ත තටාකය ද වනවා.

සියලුම කාණ්ඩ හරහා සමස්ත ශ්‍රේණිගත කිරීම්වල, ලන්ඩන්, පැරිස්, නිව් යෝර් ක් , ටෝකියෝ, ඩුබායි, බාර් සිලෝනා, රෝමය, මැඩ්රිඩ්, සිංගප්පූරුව සහ ඇම්ස්ටර්ඩෑම් යන නගර 10 වෙනවා.

වාර් තාවවේ දෝහා 27 වන ස්ථානයට පත්ව ඇති අතර ඉන් පසුව අබුඩාබි වනවා. සෞභාග්‍ය දර්ශකයේ කටාර් අගනුවර අංක 1 වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර පස්වැනි ස්ථානයේ පසු වෙනවා.

“ලෝකයේ විශාලතම, උසම සහ මිල අධිකමදේ ඩුබායි සතු වන අතර, අබුඩාබිය නිශ්ශබ්දව උරුමය සහ පොහොසත් සංස්කෘතික අංග කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා. එය පදිංචිය සහ බහු ප්‍රදර් ශන දිනයන් සඳහා ආරාධිතයන් ලෙස කලාකරුවන් සහ නිර් මාණකරුවන් ගෙන ඒමට ආයෝජනය කොට තිබෙනවා.

Share.

Comments are closed.