“ටෙට්” ලෙස හැඳින්වෙන වියට්නාමයේ චන්ද්‍ර අලුත් අවුරුද්ද  වෙනුවෙන් “වියට්නාම් ෆුඩීස්” අවන්හ​ල තම ආදායම කාර්ය මණ්ඩලය සමඟ බෙදා ගන්නා බව නිවේදනය කොට තිබෙනවා.

වියට්නාම ෆුඩීස් හි ඔවුන්ගේ අවන්හ​ල් ජාලය ඩුබායි හි ස්ථාන පහක් තු​ල ක්‍රියාත්මක වෙනවා.

ජනවාරි 21, සෙනසුරාදා දින, චන්ද්‍ර අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ​මෙම ව්‍යාපාර ජාලය තුල ජනනය කරනු ලබ​න සියලුම ආදායම – ආහාර පිරිවැය අඩු කිරීමෙන් පසු අවන්හලේ කාර්ය මණ්ඩලයේ 120 දෙනා අතර බෙදා ගැන්මට නියමිතයි.

වියට්නාම ෆුඩීස් වසර හතරක් තිස්සේ මෙම ආදායම් බෙදා ගැනීමේ සම්ප්‍රදාය අනුගමනය කොට තිබෙනවා.

වියට්නාම ෆුඩීස් හි හිමිකරු සහ විධායක සූපවේදී Lily Hoa Nguyen පැවසුවේ, “අපගේ ශක්තිය තිබෙන්නේ අපේ කණ්ඩායම තුළයි. ඔවුන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම නිසා අපි ඩුබායි හරහා පුදුමාකාර පාරිභෝගික පදනමක් සමඟ වේගයෙන් වර්ධනය වී තිබෙනවා. මේ වසරේ අපි අපගේ කණ්ඩායම විශාලතම සහ හොඳම Tết සැමරුම සැමරීමට බලාපොරොත්තු වන අතර අපගේ කාර්ය මණ්ඩලයට ස්තූති කිරීමට ජනවාරි 21 වන දින අප හා එක්වන ලෙස අපගේ සියලුම පාරිභෝගිකයින්ට ආරාධනා කරනවා”

Share.

Comments are closed.