ඩුබායි මහ නගර සභාව (DM) විසින් පැරණි සහ භාවිතයට නොගත් භාණ්ඩ ප්‍රවාහන බහාලුම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන බවට පරිවර්තනය කො​ට තිබෙනවා.

පැය 24 පුරාවට විවෘතව ඇති මෙම මධ්‍යස්ථාන සැලසුම් කර ඇත්තේ පුද්ගලයන්ට තම වාහනවලින් ඉවත් නොවී, නියමිත ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන හරහා එය ප්‍රයෝජනයට ගැනීමට හැකි වන පරිද්දෙනි.

අපද්‍රව්‍ය නිෂ්පාදනය අවම කිරීම, අපද්‍රව්‍ය වෙන් කිරීමේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ අනුපාත ඉහළ නැංවීමේ අරමුණින්, තිරසාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සිවිල් ආයතනයේ ප්‍රයත්නයන්ට මෙම මධ්‍යස්ථානයන් සහාය වනු ඇති.

භාවිතයට නොගත් ඝන මීටර් 40 ධාරිතාවකින් යුත් භාණ්ඩ නැව්ගත කිරීමේ බහාලුම් අනුමත පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි නැවත සකස් කර නිෂ්පාදනය කොට ඇ​ත. එපමණක් නොව, එහි විදුලි ඉල්ලුම සූර්ය බලශක්තිය මගින් සපුරාලනු ඇත.

ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ ධාරිතාව ටොන් එකක් වන අතර කඩදාසි, පෙට්ටි, ප්ලාස්ටික්, ලෝහ සහ ඉවතලන ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළුව ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය හැකිතාක් රැස් කිරීමට වර්ණවත් බහාලුම් භාවිතා කරයි. එකතු කරන ලද අපද්‍රව්‍ය සංඛ්‍යාව නිරීක්ෂණය කිරීම සහ එහි ප්‍රමාණය මැනීම සඳහා, දුරස්ථ සංවේදක සෑම බහාලුමකටම සම්බන්ධ කොට තිබෙනවා​.

අපද්‍රව්‍ය නැවත භාවිතය උපරිම කිරීම, විවිධ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් වල ඒවා භාවිතා කිරීම සහ ඒවා ගොඩකිරීම්වලින් ඉවතට හරවා යැවීම අරමුණු කරගත් තිරසාර ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට DM නිරන්තරයෙන් උත්සාහ දරයි.

Share.

Comments are closed.